ලකුණු 314ක ඉලක්කය හඹායමින්, ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයග්‍රහණක් ලබාගනී.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (30) සමත්වුණා..

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන් Hashmatulla Shahidi පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් ලකුණු 313 ක් ලබාගැනීමට සමත්වුණා..

ඇෆ්ගනිස්තාන් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඊබ්‍රාහිම් සද්‍රාන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ඔහුගේ ජාත්‍යන්තර එක්දින පිටියේ තුන්වන ශතකය රැස්කර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 138කදී හතරේ පහර 15ක් හා හයේ පහර 4ක් සමඟින් 162 ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊබ්‍රාහිම් සද්‍රාන් වාර්තාකළ ලකුණු 162ත් සමඟින් පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ එක්දින තරඟයකදී ක්‍රීඩකයෙක් වාර්තාකළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකරගැනීමට සමත්වූ අතර, මීට පෙර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ඉනිමක වැඩිම ලකුණු ලබාගෙන තිබුණේ හිටපු සුපිරි ක්‍රීඩක TM ඩිල්ශාන් වේ.. (ලකුණු 144 – සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව)

 

 

 

ඊට අමතරව, Najibullah Zadran ද අර්ධ ශතකයක් ලබාගනිමින් ඔහු පන්දු 76කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක්  සමඟින් ලකුණු 77ක් ලබාගැනීමට සමත්විය. ආරම්භක පිතිකරු ගුර්බාස් ලකුණු 5කට දැවී ගිය අතර, නායක Hashmatulla Shahidi හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 4ක් පමණයි.

 

 

පන්දු යැවීමේදී, දෙවන තරඟයේදී මෙන් මෙම තරඟයේදීත් කඩුලු 3ක් (ඕවර් 10 ලකුණු 60 , කඩුලු 3) දවාගැනීමට කසුන් රාජිත සමත්වූ අතර, වගේ වනිඳු හසරංග ලකුණු 67කට කඩුලු 2ක් හා අසිත ප්‍රනාන්දු , දනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින්ද දවාගැනීමට සමත්වුණා.

 

 

ඉන් අනතුරුව ලකුණු 314ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 49.4ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 314ක් ලබාගනිමින් තරඟය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

මෙම හඹායෑමත් සමඟින් පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ එක්දින තරඟයකදී හඹාගෙන ගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවක් අලුත් කිරීමට සමත්වූ අතර, මීට පෙර මෙම ක්‍රීඩාංගනයේ දී හඹාගෙන ගොස් ජයගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 5කට ලකුණු 300ක් ලබාගනිමින් තරඟය ජයගැනීමයි…

 

 

එහිදී, ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක පන්දු 72කදී හතරේ පහර 5ක් හා දැවැන්ත හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබාගැනීමට සමත්වුණා..

 

 

ඊට අමතරව ආරම්භ පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 61කදි ලකුණු 67ක් ද, නායක දසුන් ශානක පන්දු 44කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ද ලබාගත් අතර, ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 21කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ රශීඩ් ඛාන් පන්දුවාර 10 අවසානයේදී ලකුණු 37කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, Mohammed Nabi ලකුණු 56කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වුණා.

ඒ අනුව, ලකුණු 314 ක දැවැන්ත ඉලක්කයක් හඹාගෙන යමින්, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟින් තරඟාවලිය තරඟ 1-1ක් ලෙස සමකිරීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ ලකුණු 83ක් ලබාගත් චරිත් අසලංක වේ.

 

 

ඉනිම අවසානයේදී දුනිත් වෙල්ලාලගේගේ වේගවත් ඉනිම හා චරිත් අසලංක එල්ල කළ ජයග්‍රාහී හයේ පහර වීඩියෝ, 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *