ලසිත් මාලිංග විසින් දකුණු අප්‍රිකාව සමඟින් ක්‍රීඩා කිරීමට සුදුසු ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.
ශ්‍රී ලංකාව – දකුණු අප්‍රිකාව අතර පලමු එක්දින තරඟය හෙට (2) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වන අතර, ඒ සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයෙන් අනතුරුව ක්‍රීඩකයින් 22ක ශ්‍රී ලංකා සංචිතයක් පහුගිය දා තේරිම් කමිටුව මඟින් ප්‍රකාශයට පත් කෙරුණා.
මේ අතර ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද දින ඔහුගේ යූටියුබ් නාළිකාවේ වීඩියෝවක් ඉදිරිපත් කරමින්, හෙට තරඟය ක්‍රීඩා කිරීමට හැකි, ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉදිරිපත් කරනු ලැබුවා.
ලසිත් මාලිංගගේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස අවිශ්ක ප්‍රනාන්දු අනිවාර්යයෙන්ම ක්‍රිඩා කළ යුතු බව ප්‍රකාශ කර අතර, කුසල් ජනිත් පෙරේරාගේ ආබාධ තත්වය හේතුවෙන් ඔහුට එක්දින තරඟාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොමැති හෙයින් අවිශ්ක ප්‍රනාන්දු සමඟින් මිනෝද් බානුක එක්දින තරඟාවලියේ ඉනිම ආරම්භ කළ යුතු බව ප්‍රකාශ කරනු ලැබුවා.

ඉන්දීය තරඟාවලියේ අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරමින් ආබාධයකට ලක් වූ භානුක රාජපක්ෂ, මෙවර තරඟාවලියේත් අංක තුන ක්‍රීඩා කළ යුතු බව, හා අංක 4 ස්ථානය සඳහා දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති දනන්ජය ද සිල්වා ක්‍රීඩා කිරීම ලසිත් මාලිංගගේ පෞද්ගලික කැමත්ත බව පවසා සිටියා.
තවද, දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාව තුලදි දඟපන්දු යවන්නන් හට දුර්වලව මුහුණ දී ඇති බැවින්, ලසිත් මාලිංගගේ කණ්ඩායමේ දුශ්මන්ත චමීර සමඟින් තවත් වේගපන්දු යවන්නෙක් ක්‍රීඩා නොකර, දඟපන්දු යවන, පහු ගිය ලීග් තරඟාවලියේ හොඳින් දස්කම් දැක්වූ පුලින තරංග ක්‍රීඩා කිරීම වැදගත් බව මාලිංග විසින් අදහස් දැක්වුවා.
නමුත්, මෙම තරඟාවලියය පෙර පැවතී පුහුණු තරඟයේදී ලහිරු කුමාර, ඔහුගේ දක්ශතාවයෙන් ලකුණු 12කට කඩුලු 4ක් දවාගනිමින් හොඳින් ක්‍රීඩා කළ බැවින්, ශ්‍රී ලංකා කණ්ඩායමට වේගපන්දු යවන්නෙක් අවශ්‍ය වුවහොත් ලහිරු කුමාර සමඟින් ක්‍රීඩා කිරීමට හැකි බවද තවදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.
ඒ අනුව ලසිත් මාලිංග විසින් නම් කළ ශ්රී ලංකා කණ්ඩායම මෙන්න.
1) අවිශ්ක ප්‍රනාන්දු
2) මිනෝද් බානුක
3) භානුක රාජපක්ෂ
4) දනන්ජය ද සිල්වා
5) චරිත් අසලංක
6) දසුන් ශානක
7) වනිඳු හසරංග
8) චාමික කරුණාරත්න
9) අකිල ධනංජය
10) දුශ්මන්ත චමීර
11) පුලින තරංග
මෙම තරඟාවලිය සඳහා නම් කළ ශ්රී ලංකා ක්රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙතනින් බලන්න.. (Click)