ලසිත් මාලිංග විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක් ලබා දී අදට වසර 2යි. වීඩියෝව නරඹන්න.

දොළොස්වැනි අයි.පී.එල් තරඟාවලියේ අවසන් මහා තරඟය වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් එක ලකුණක තියුණු ජයක් වාර්ථා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වූ අතර එම තරඟයට අද දින වසර දෙකක් සම්පූර්ණ වී තිබෙනවා. මුම්බායි ඉන්දියන්ස් ජයග්‍රහණයේ වැඩි ගෞරවයක් හිමි විය යුත්තේ ලසිත් මාලිංගටයි. ඒ ඔහු විසින් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට යොමු කළ අවසන් පන්දු වාරයේදී ලකුණු 7ක් ආරක්ශා කර ගැනීමට සමත් වීම හේතුවෙනි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ශර්මා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දු ඕවර් 20 අවසානයේදී ඔවුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 149ක් ලබාගැනීමට සමත් විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Kieron Pollard පන්දු 25කදී නොදැවී ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වූයේ හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමඟිනි.

ලකුණු 150ක් වැනි පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේදී ලකුණු 142ක් ලබාගෙන සිටි අතර අවසන් පන්දුවාරයේදි ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 8ක් පමණි. මෙම තරඟයේ ලසිත් මාලිංග විසින්‍ යොමු කර තිබූ පන්දුවාර තුනේදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ලකුණු 43ක් ලබාගෙන සිටියත් අවසන් පන්දුවාරයේදූ ලකුණු 7ක් ආරක්ශා කිරීමේ අභියෝගය රෝහිත් ශර්මා විසින් ලබා දුන්නේ යෝකර් කින්ග් වන ලසිත් මාලිංගටයි.. ඒ අනුව ලසිත් මාලිංග විසින් ලකුණු 6ක් පමණක් ලබා දී අවසන් පන්දුවට යෝකර් පන්දුවක් යොමු කරමින් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ Shardul Thakur ව දවා ගනිමින් එම පන්දුවාරය අවසන් කළේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක් ලබා දෙමිනි.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 148ක් පමණයි. චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Shane Wotson පන්දු 59කදී හතරේ පහර 8ක් හා හයේ පහරවල් 4ක් සමඟින් ලකුණු 80ක් රැස් කළ අතර අවසන් පන්දුවාරයේදී දුවද්දී දැවී යාමට හසු විය. Wotson මෙම ඉනිම ක්‍රීඩා කර ඇත්තේ දණහිසේ තුවාලක් සහිතව බව තරඟය අවසානයේදී එම තුවාලයට මැහුම් 6ක් ගසා ඇති බව ද හර්බජාන් සිං පවසා ඇත.

මුම්බායි ඉන්දියන් කණ්ඩායම 4වන අයි.පී.එල් ශූරතාවය දිනා ගනිමින් එලෙස නිමා වූ 12 වන අයි.පී.එල් තරඟාවලියේ අවසන් තරඟයේ වීරයා වූයේ Jasprit Bumrah යි.

දණහිසේ තුවාලක් සහිතව ලේ පෙරාගෙන පන්දුවට පහර දුන් Shane Wotson ගේ රූපරාමු සහිත වීඩියෝව නරඹන්න. (video)

ලසිත් මාලිංග විසින් යොමු කළ අවසන් පන්දුවාර මෙතනින් නරඹන්න.(Video)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *