ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරඟාවලියේ විකාශනය දේශීය නාළිකාවක් විසින්ද ලබාගනී.

පලමු වතාවට පැවැත්වෙන හිටපු විශිෂ්ට ක්‍රීඩකයින් ක්‍රීඩා කරන, ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරඟාවලිය අද (20) දින ආරම්භ වීමට නියමිත අතර, ජනවාරි මස 29 වන දින තෙක් ඕමානයේදී පැවැත්වෙනු ඇත.

 

තරඟාවලිය සඳහා INDIA MAHARAJAS , ASIA LIONS , WORLD GIANTS වශයෙන් කණ්ඩායම් තුනක් සහභාගි වන අතර, එම තරඟාවලියේ විකාශනය අයිතිය දේශීය නාළිකාවක් විසින් ද ලබාගෙන තිබෙනවා.

ඒ අනුව මෙවර තරඟාවලිය විකාශනය වන දේශීය නාළිකාව වනුයේ “Supreme TV” නම් නාළිකාවේ වේ.

 

අද (20) සිට ජනවාරි 29 වන දින තෙක්, සම්පූර්ණ තරඟාවලියම තරඟ පැවැත්වෙන දිනයන් හීදී රාත්‍රී 8ට ඔබට තරඟ නැරඹීමට හැක.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ දකුණු පළාතට දින කිහිපයක සිට Supreme TV නාළිකාවේ විකාශනය නැවතී ඇති බවට වාර්ථාවන අතර, ඒ හේතුවෙන් දකුණු පළාතේ ප්‍රේක්ෂකයන් හට Supreme TV නාළිකාව ඔස්සේ තරඟාවලිය නැරඹීමට නොහැකි වනු ඇත.

 

ඊට අමතරව, DIALOG TV හා PEO TV පාරිභෝගිකයින් සඳහා ද තරඟාවලිය නැරඹීමට අවස්ථාව ලැබී ඇති අතර ඔවුන්ට Sony TEN 1 නාළිකාව ඔස්සේ තරඟාවලිය නැරඹීමට හැකියි.

DIALOG TV – Channel No – 68
PEO TV – Channel No – 38

 

මෙම තරඟාවලිය “Supreme TV” FACEBOOK PAGE එක ඔස්සේද සජීවීව විකාශනය වන බවට ඔවුන් සඳහන් කර ඇත.

සම්පූර්ණ තරඟ කාළසටහන පහළින්.

ජනවාරි 20 – India maharajas Vs Asia Lions
ජනවාරි 21 – World Giants Vs Asia Lions
ජනවාරි 22 – World Giants Vs India maharajas

ජනවාරි 24 – Asia Lions Vs India maharajas
ජනවාරි 26 –  India maharajas Vs World Giants
ජනවාරි 27 – Asia Lions Vs World Giants
ජනවාරි 29 – Final

 

ඉන්දීය හිටපු ක්‍රීඩකයින් පමණක් ක්‍රීඩා කරන India maharajas කණ්ඩායමේ සංචිතය,

Virender Sehwag, Yuvraj Singh, Harbhajan Singh, Irfan Pathan, Yusuf Pathan, Badrinath, RP Singh, Pragyan Ojha, Naman Ojha, Manpreet Gony, Hemang Badani, Venugopal Rao, Munaf Patel, Sanjay Bangar, Nayan Mongia, and Amit Bhandari

 

ලෝකයේ අනෙකුත් හිටපු විශිෂ්ට ක්‍රීඩකයින් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන World Giants කණ්ඩායමේ සංචිතය,

Daren Sammy, Daniel Vettori, Brett Lee, Jonty Rhodes, Kevin Pietersen, Imran Tahir, Owais Shah, Herschelle Gibbs, Albie Morkel, Morne Morkel, Corey Anderson, Monty Panesar, Brad Haddin, Kevin O’Brien, and Brendan Taylor.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 9 දෙනෙක්ම ද සමඟින්, ඉන්දියාව හැර ආසියාවේ අනෙකුත් රටවල් වල ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයින්ගෙන් සමන්විත Asia Lions කණ්ඩායමේ සංචිතය. (Click කරන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *