ලෙජන්ඩ් ලීග් තරඟාවලියෙන් අනතුරුව ශ්‍රීලංකා හිටපු ක්‍රීඩකයින් තරඟාවලිය සම්බන්ධයෙන් දැක්වූ අදහස්.

ජනවාරි මස 20 වෙනිදා සිට 29 දක්වා ආසියා ලයන්ස්, වර්ල්ඩ් ජයන්ට්ස් හා ඉන්දියා මහරාජාස් වශයෙන් කණ්ඩයම් තුනකින් සමන්විත ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියක් ඕමානයේදී පැවැත්විය.

 

 

තර‍‍ඟාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කළ ආසියා ලයන්ස් කණ්ඩායම පරදා, වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්විය.

මෙම තරඟාවලියේ ආසියා ලයන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස 1996 ලෝකශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රනතුංග ක්‍රියා කළ් අතර, මෙරට ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයින් රැසක් මෙම තරඟාවලියට සහභාගි වී තිබුණා.

 

 

තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් ජනවාරි 30 නැවත ශ්‍රී ලංකාවට පැමිණී අතර, තරඟාවලිය සම්බන්ධයෙන් ඔවුන් අදහස් දක්වා සිටියා.

පුහුණුකරු අර්ජුන රණතුංග මහතා තරඟාවලිය පිළිඹඳ දැක්වූ අදහස,

 

 

මෙම තරඟාවලිය ගොඩක් හොඳ විදිහට සෙල්ල්ම් කරා. තරඟාවලිය අතරතුරදී අපේ ක්‍රීඩකයින්ට ආබාධ ඇතුවුන නිසා පොඩි බාධාවක් ඇති වුණා. මොකද ක්‍රීඩකයින් කිසිප දෙනෙක් හැරුනාම ගොඩක් දෙනෙක් ගොඩ කාලයෙකින් ක්‍රීඩා කරලා තිබුණේ නැහැ. අවසන් තරඟයේදී අපේ පන්දු යවනන්නන් හැමෝම වගේ තුවාල වෙලා සිටියේ. ඒ නිසා ගොඩාක් ලකුණු ප්‍රමාණයක් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම ලබාගත්තා.

 

 

මේ අතර, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩයමේ ස්ථිර පුහුණුකරුවෙක් නොමැති වීම සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ පිටරට පුහුණුකරුවන් අපේ රටට පැමිණීමට අකමැති වන බවයි.

“පහුගිය කාලයේ අපේ ක්‍රිකට් පරිපාලනය පැත්‍තෙන් කළ විපාක වල ප්‍රතිපල දැන් විදිමින් පවතිනවා. අපේ රටේ ක්‍රිකට් පුහුණුකාරීත්වය දරන්න වෙන රටවල මිනිස්සු කැමති වෙන්නේ නැහැ. නමුත් ඒ දේ තාමත් ඔවුන්ට කිව්වට තේරෙන්නේ නැහැ.”

 

 

“අපේ කට්ටියගේ ලොකු මාන්නයක් තියනවා පිට රටකින් පුහුණුකරුවෙක් අවශ්‍යයි කියලා. අපේ රටේ ගොඩාක් හොඳ පුහුණුකරුවන් ඉන්නවා. ඔහුන් පිටරට වලට ගිහිල්ලා ඔවුන්ට පුහුණුකාරීත්වය ලබාදෙනවා. ඒගොල්ලොත් දැනගන්න ඕනේ ඒගොල්ලෝ ඒ විදිහට පුහුණුකාරීත්වයේ ඉන්නේ ලංකාවට ක්‍රීඩා කරලා  ලබපු ගෞරවය හා පරිණතභාවය නිසා කියලා. ඒක පරිපාලනය තුළ තියන වරදක් කියලා මම දකිනවා.”

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව, තරඟාවලියට සහභාගී වෙමින් තරඟ දෙකක් ක්‍රීඩා කළ සනත් ජයසූරිය තරඟාවලිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ අදහස,

“ලෙජන්ඩ් තරඟාවලිය හැම ක්‍රීඩකයෙක්ම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. මට කොවිඩ් වෛරසය ආසාදනය වුණ නිසා අවසන් තරඟ දෙක විතරයි ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ. අවසන් තරඟයේදීත් අපේ ක්‍රීඩකයින් ලකුණු 250ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් හඹාගෙන යද්දී ඉතා ලඟටම පැමිණීමට හැකිවුණා. මම හිටපු ක්‍රීඩකයෙක් විදිහට අපේ ක්‍රීඩකයින් ක්‍රීඩා කළ ආකාරයට ගොඩක් සතුටු වෙනවා.”

 

 

තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරුවෙක් නොමැති වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකුගෙන් නැගුන ප්‍රශ්නයකට සනත් ජයසූරිය දැක්වූ අදහස,

“තවම පුහුණුකරුවෙන් නැති එක ලොකු පාඩුවක්. අපි ඒකට ඉක්මනටම පිළියමක් යොදන්න අවශ්‍යයි. දැනට තාවකාලිකව පුහුණුකරුවෙක් එකතු කරගෙන සිටිනවා. ඔහුත් සමඟ එකතුවෙලා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කල්පනා කරලා තමන්ට තියන රාජකාරිය ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ.”

 

 

අවසාන වශයෙන් මෙම තරඟාවලිය ක්‍රීඩා කළ දඟපන්දුවේ රජු “මුත්‍තයියා මුරලිදරන්” තරඟාවලිය සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ ඔවුන් පුහුණුවීම් නොකර මෙම තරඟාවලියට සහභාගි වූ බවත් සියලුම ක්‍රීඩකයින් හැකි පමණින් හොඳින් ක්‍රීඩා කළ බවත්ය.

 

 

“ලෙජන්ඩ් ලීග් තරඟාවලිය ක්‍රීඩා කරේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පරණ ක්‍රීඩකයින් නැවතත් ක්‍රීඩා කරනවා බලන්න කැමති නිසා. අපි තරඟාවලියකට පුහුණුවීම් කරලා ගියේ නැහැ. නිකන් ගිහින් සෙල්ලම් කරලා ආවා විතරයි. අපි හැමෝම තරඟාවලිය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් තරඟ කළේ. නමුත් අවාසනාවකට අපිට අවසන් තරඟය ජයග්‍රහණය කිරීමට නොහැකි වුණා. නමුත් ක්‍රීඩකයින් හැමෝම ඔවුන්ට පුලුවන් උපරිම විදිහට ක්‍රීඩා කළා.”

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *