ලෙජන්ඩ් ලීග් තරඟාවලියේ ආසියා ලයන්ස් කණ්ඩායමේ සංචිතය නම් කරයි.

2022 වසරේ ප්‍රථම වතාවට පවත්වනු ලබන Legends League ක්‍රිකට් තරඟාවලිය ජනවාරි මස 20 වන දින ඕමානයේදී ආරම්භ වීමට නියමිත අතර, මූලික වටයේ තරඟ 6කින් අනතුරුව ජනවාරි මස 29 වෙනිදා අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතයි.

 

මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් තුනක් සහභාගි වන අතර, ඉන්දියානු හිටපු ක්‍රීඩකයින් ඇතුළත් කණ්ඩායමක් (INDIA MAHARAJAS), ඉන්දියාව හැර අනෙකුත් ආසියානු රටවල් වල හිටපු සුපිරි ක්‍රීඩකයින් ඇතුළත් එක් කණ්ඩායමක් (ASIA LIONS), හා ලෝකයේ අනෙක් රටවල් වල හිටපු සුපිරි ක්‍රීඩකයින් ඇතුලත් කණ්ඩායමක් (WORLD GIANTS) ලෙස කණ්ඩායම් තුන නම් කර ඇත.

 

මේ වන විට ASIA LIONS කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් 9 දෙනෙකු ඇතුලත් වන අතර, පකිස්ථාන ක්‍රීඩකයින් 8 දෙනෙකු හා ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයෙකු ද ඇතුළත් කර ඇත.

මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 1996 ලෝකශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා වේ.

 

2022 ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ආසියා ලයන්ස් (ASIA LIONS) සංචිතය මෙන්න.

1. සනත් ජයසූරිය

 

2. රොමේශ් කලුවිතාරණ

 

3. තිලකරත්න ඩිල්ශාන්

 

4. උපුල් තරංග

 

5. මුත්තයියා මුරලිදරන්

 

6. නුවන් කුලසේකර

 

7. චමින්ද වාස්

 

8. අජන්ත මෙන්ඩිස්

 

9. දිල්හාර ප්‍රනාන්දු

 

10. ශහීඩ් අෆ්රිඩී

 

11. මොහොමඩ් හෆීස්

 

12. ශියිබ් අක්තාර්

 

13. උමාර් ගුල්

 

14. මිස්බා-උල්-හක්

 

15. කම්රාන් අක්මාල්

 

16. මොහොමඩ් යූසුෆ්

 

17. Azhar Mehmood

 

18. Asghar Afgan

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *