“ලෙඩේට බෙහෙත් නොකර නිකන්ම හොඳ වෙනකන් බලාගෙන ඉන්නවා” – අවිශ්ක ගුණවර්ධන
ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රසල් ආනෝර්ඩ් විසින් Chilling with Russel නම් යූටියුබ් නාළිකාව හරහා සෑම ඉරිදා දිනයකම පවත්වන ලද සාකච්ඡාවට අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙක් වන උපුල් තරංග හා අවිශ්ක ගුණවර්ධන එක්ව සිටියා.
එහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මත් ගැටලු පිළිඹඳව සාකච්ඡා කෙරුන අතර වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්ගේ අසාර්ථකත්වය ගැන අවිශ්ක ගුණවර්ධන ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ලැබුවා.
නිමාවට පත් වූ ශ්‍රී ලංකා – එංගලන්තය අතර ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟයෙන් පසු කුසල් මෙන්ඩිස් හට විවේකයක් ලබා දුන් අතර, ඊට සති දෙක තුනකට පසු අවිශ්ක ගුණවර්ධන හට කුසල් මෙන්ඩිස්ව මුන ගැසී ඇති අතර එහිදී අවිශ්ක විසින් මෙන්ඩිස්ගෙන් “යළි ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව හොඳින් දස්කම් දැක්වීමට සැලැස්ම කුමක්ද” ලෙස ඇසූ විට කුසල් මෙන්ඩිස් විසින් ප්‍රකාශ කර ඇත්තේ එලෙස කිසිම දෙයක් නොමැති බවයි.
එංගලන්තයට එරෙහිව පැවතී ටෙස්ට් තරඟයෙන් පසුව කුසල් මෙන්ඩිස්ට විවේකයක් ලබා දුන්නා.
ඊට සති දෙක, තුනකට පස්සේ මට කුසල්ව මුණ ගැහුනා. මම ඇහුවා “දැන් මොකද කරන්නේ” කියලා. මෙන්ඩිස් කිව්වා “මුකුත් කරන්නේ නැහැ” කියලා. මම ඇහුවා “මොකක් හරි ප්ලෑන් එකක් තියනවාද?” කියලා. එතකොට මෙන්ඩිස් කිව්වා “නෑ.. එහෙම එකක් නෑ. මට පොඩි විවේකයක් ගන්න කිව්වා” කියලා.
ඔහු දිගින් දිගටම ෆේල් වෙන්න හේතුව සමහර විට මෙන්ටලි ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, නැත්නම් ටෙක්නිකල් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මුලින්ම කරන්න ඕනේ ඒක හදුනාගන්න එක. ඒක තේරුම් ගෙන කෙටි කාලීන, දිගු කාලීන ප්ලෑන් එකක් හදලා ඔහුට දෙන්න ඕනේ. ඒ කාලය ඇතුළත කුසල් මෙන්ඩිස් තමන්ට තිබුණ ප්‍රශ්න හදාගෙනද කියලා බලන්න ඕනේ. ඒ මුකුත් කරන්නේ නැතිව නිකන්ම ගෙදර තියලා ආයේ ගෙන්නලා. ඉතින් විවේකයක් දුන්නා කියලා වැඩේ සාර්ථක වෙලා නැහැනේ. අන්තිමට වෙන්නේ ඔය වගේ දිගින් දිගටම ෆේල් වෙලා කණ්ඩායමෙන් එළියට දැම්මට පස්සේ තව හොඳ ප්ලේයර් කෙනෙක් ඇවිල්ලා ඔහුගේ ප්ලේස් එක ගන්නවා. සමහර විට එතකොට කුසල් මෙන්ඩිස් කියන ප්ලේයර් කෙනෙක් අපිට නැතිවෙලාම යන්න පුලුවන්.
අපි කොච්චර කාලෙක ඉදන් බලන් ඉන්නවද කුසල් අද ගහයි අද ගහයි කියලා. ඒත් ගහන්නේ නැහැ. පුහුණුකරුව වගකීමක් තියනවා ඒ විදියට ෆේල් වෙන ක්‍රීඩකයෙක්ව නැවත කලින් හිටපු තත්වයට ගේන්න. නමුත් ඒ දෙය වෙන්නේ නැහැ. ලෙඩේට බෙහෙත් කරන්නේ නැතුව ලෙඩේ නිකන්ම හොඳ වෙනකන් බලාගෙන ඉන්නවා. අන්තිමට වෙන්නේ අපිට තවත් හොඳ ප්ලේයර් කෙනෙක් නැතිවෙන එක.