ලෝක කුසලානය පෙර මහීශ් තීක්ශණව ඇනලයිස් කරන එක නතර කළ හැකිද? – මිකී අතර්

Mystery Spinners එහෙම නැතිනම් අභිරහස් පන්දුයවන්නන් කියන්නෙ ක්‍රිකට් ලෝකය තුල ඉතාම කුතුහලය දනවන සහ දුර්ලභ ගණයේ පන්දුයවන්නන් පිරිසක්.

පසුගිය වසර කිහිපය පුරාම අජන්ත මෙන්ඩිස් , සයිඩ් අජ්මාල් , සුනිල් නරීන් , වරුන් චක්‍රවර්තී වගේ පන්දුයවන්නො කිහිපදෙනෙක්ම ජගත් ක්‍රිකට් පිටියෙ අපිට දකින්න ලැබුනා. ඒ අතරින් අජන්ත මෙන්ඩිස් සහ සුනිල් නරීන් ක්‍රිකට් ලෝකයෙ දැවැන්ත නම් දැරූ පිතිකරුවොන්ව තමන්ගෙ අභිරහස් පන්දුයැවීමෙන් අසරණ කරලා වසර දෙක තුනක් පුරාවට ක්‍රිකට් ලෝකෙ පන්දුයවන්නන්ගෙ ලැයිස්තුවෙ ඉහලින්ම රැදී සිටියා.

කෙසේ නමුත් දැන් ශ්‍රීලංකා කණ්ඩායමට අජන්ත මෙන්ඩිස්ගෙ දායකත්වය නොලැබුණත් අජන්ත මෙන්ඩිස්ගෙ පන්දුයැවීම ඉතාම සමාන ඉරියව්වකින් පන්දුයවන මහීෂ් තීක්ෂණ පසුගිය දා ශ්‍රී ලංකා ජයග්‍රහණය කල දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින තරඟාවලියේ අවසන් තරඟයෙදි තමන්ගෙ මංගල එක්දින තරඟයට සහභාගි වුන අතර එහිදී ඔහු යොමුකල පලමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගන්නත් මහීෂ්ට හැකිවුනා.

ඔහු එම තරගයෙදි කඩුලු හතරක් දවාගෙන මංගල තරඟයේදීම විශිෂ්ට දක්ෂතා දක්වන්න සමත්වුනා.

කෙසේ නමුත් එම තරඟය අතරවාරයේදී මහීෂ් දක්වපු දක්ෂතාවය හේතුවෙන් ප්‍රේක්ෂකයෙක් මහීෂ්ගෙ පන්දුයැවීමේ වෙනස්කම් එහෙම නැතිනම් වේරියේෂන්ස් පිලිබදව විශ්ලේෂණයක් සිදුකර එය ට්විටර් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුනා. එහිදී ඔවුන් පවසා තිබුනේ ” ඔබ සිතනවාට වඩා මහීෂ් තීක්ෂණ සතුව පන්දුයැවීමේ වෙනස්කම් පවතිනවා. අපි එයින් වෙනස්කම් දෙකක් පමණක් විශ්ලේෂණය කලා. පිතිකරුවන්ට පෙනෙන දේ අපිට පවසන්න ” යනුවෙනි.

කෙසේ නමුත් එම ට්විටර් පණිවුඩයේ හාස්‍යජනක පැතිකඩක් පෙන්වමින් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මීකී ආතර් මහත්මයා පවසා සිටින්නෙ ” අපිට ලෝක කුසලානයට පෙර ඔහුව ඕනෑවට වඩා විශ්ලේෂණය කිරීම මදකට නවත්වා සිටිය හැකිද ? ” යන්නයි.

Naveen Krishmal 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *