ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තුන්වෙනියට අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යයි.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ දෙවන තරඟය ලෙස පැවතී එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. (වීඩියෝව පහලින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනා එංගලන්තය පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, බටහිර ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 8.2ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට සමත් වූයේ ලකුණු 56ක් පමණයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්‍රිස් ගේල් ලකුණු 13ක් ලබාගත් අතර අන් කිසිඳු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවටවත් පැමිණීමට එංගලන්තය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
මෙලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබාගත් ලකුණු 55 ඉතිහාසගත වූයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියකදී කණ්ඩායමක් විසින් ලබාගත් තුන්වෙනියට අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි. විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ පලමු හා දෙවෙනියට අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම නෙදර්ලන්තය කණ්ඩායම වන අතර, මීට පෙර නවසීලන්තය කණ්ඩායම ලකුණු 60කට දැවීයාමෙන් අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අවස්ථාවන්හී තුන්වන ස්ථානයේ රැඳී සිටියා. එම අවස්ථාවන් තුනේදීම නෙදර්ලන්තය හා නවසීලන්තය අඩුම ලකුණු වලට දැවීයාම සිදුවූයේ ශ්‍රී ලංකාවට එරෙහිව වේ.
බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්තය අතර තරඟයේ Adil Rashid තරඟයේදී සුපිරි පන්දු යැවීමට නිරත වූ අතර ඔහු ලකුණු 2කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. ඊට අමතර මොයින් අලී ලකුණු 17කට කඩුලු 2ක් දවාගත් අතර Tymal Mill ද ලකුණු 17කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 8.2කදී කඩුලු 4ක් දැවී ලකුණු 56ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයගත් අතර එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ජෝස් බට්ලර් නොදැවී ලකුණු 24ක් ලබාගැනීමට සමත් වුණා.
මේ තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල් හුසේන් සුපිරි උඩපන්දුවක් රැක ගැනීමට සමත් වූ අතර එම වීඩියෝව පහළින් නැරඹන්න.