ලෝක කුසලාන සංචිතයට ඡේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් එකතු වී තිබීම ගොඩක් වටිනවා.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස තරඟයට පෙර, ලසිත් මාලිංගගේ යූටියුබ් නාළිකාව ඔස්සේ ලසිත් මාලිංග , නුවන් කුලසේකර හා ධම්මික ප්‍රසාද් සජීවී වැඩසටහනකට එක්වුන අතර, එහිදී මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කර ශ්‍රී ලංකා සංචිතය ගැන හා ප්‍රේක්ෂකයින් විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට ඔවුන් පිළිතුරු ලබා දුන්නා.
ලසිත් මාලිංග විසින් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, මෙවර නම් කර ඇති සංචිතය සමබර කණ්ඩායමක් බවත්, ඡේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් නැවතත් කණ්ඩායමට පැමිණීම කණ්ඩායමට ලොකු ශක්තියක් බවයි.
ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද නම් කරලා තියනවා. මම පෞද්ගලිකව හිතනවා දක්ශතාවයෙන් ඉතා හොඳ සමබර කණ්ඩායමක් නම් කරලා තියනවා. විශේෂයෙන් කියනවානම් චන්දිමාල් කණ්ඩායමට නැවතත් ඇවිත් තිබෙනවා. ඒක ගොඩාක්ම වටිනවා. චන්දි කඩුලු රකින්නෙක් විදිහට කඩුල්ල පිටුපස ඉදගෙන ඔහුගේ එක්ස්පීරියන්ස් ක්‍රීඩකයින් සමඟ බෙදාගන්න පුලුවන්. ඔහුට අවුරුදු 10ක වගේ විස්සයි විස්ස එක්ස්පීරියන්ස් තියනවා. ඒ නිසා චන්දිමාල් ඉන්න එක දසුන් ශානකටත් නායකයෙක් විදිහට ගොඩාක් උදව් වේවි.
මේ අතර, දසුන් ශානක දිගින් දිගටම පිතිකරණයේදී අසාර්ථක වීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයෙක් විසින් අසන ලද ප්‍රශ්නයකට ලසිත් මාලිංග හා නුවන් කුලසේකරගේ පිලිතුරු ලබා දුන්නේ මෙලෙසින්.
ලංකාවේ කණ්ඩායම් හතරකට බෙදිලා සෙල්ලම් කළ ලීග් තරඟාවලියේදී දසුන් ශානක හොඳින් ලකුණු අතරට පැමිණියා. නමුත්, දසුන්ට නායකයා විදියට ඉන්දීය තරඟාවලියේත්, දකුණු අප්‍රිකා එක්දින තරඟාවලියෙත් ලකුණු අතරට එන්න බැරි වුණා. ඒවා සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දේවල්. දසුන් ශානකට විස්සයි විස්ස තරඟ වල ඕනෑම මොහොතක හයේ පහරක් හතරේ පහරක් ගහන්න පුලුවන් ශක්තිය තියන ක්‍රීඩකයෙක්. දැන් ඔහුට නායකත්වයේ පීඩනයත් තියනවා. මම හිතන විදියට දසුන් ආයෙමත් ඉක්මනට ලකුණු අතරට පැමිණේවි. – ලසිත් මාලිංග
“අපි දකින විදියට දසුන් ශානක කියන්නේ හොඳ පවර් එකක් තියන ක්‍රීඩකයෙක්. මම දකින විදියට දසුන්ට ඕනෑම මොහොතක තරඟයක් වෙනස් කරන්න පුලුවන්. සෑම ක්‍රීඩකයෙක්ටම අසාර්ථක වෙන කාලයක් තියනවා. අපේ ක්‍රීඩකයින් පන්දුවට පහරදෙන්න එනකොට ප්‍රතිවාදී කණ්ඩායම් වල පන්දු යවන්නන් පිතිකරුවන්ව ඇනලයිස් කරලා එන්නේ. ඒ වගේම දසුන් ශානක දැනගන්න ඕනේ පොඩි පොඩි අඩුපාඩු හදාගෙන ඉක්මනට ලකුණු අතරට එන්න ඕනේ. මම හිතනවා ලෝක කුසලානය තරඟාවලියට එන කොට අපිට දසුන්ගෙන් ලොකු වෙනසක් දකින්න පුලුවන් වෙයි.” – නුවන් කුලසේකර
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමික කරුණාරත්න අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරන අතර, ඔහුව පිතිකරණ ස්ථානයේ ඉහළට රැගෙන ඒමට හැකියාවක් තිබේද? යන්න තවත් ප්‍රේක්ෂකයෙක් විසින් අසන ලද ප්‍රශ්නයකට ලසිත් මාලිංග හා නුවන් කුලසේකර ලබා දුන් පිළිතුරු පහළින්.
චාමික කරුණාරත්න තවම තරඟ සුළු ප්‍රමාණයක් තමයි ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ ක්‍රීඩකයා ක්‍රීඩා කරන ස්ථානයේදි තමයි ඔහු ඒ වගේ දක්ශතා දක්වන්නේ. ඒ නිසා තව ටිකක් එක්ස්පීරියන් ලැබෙනකන් එම ස්ථානයේම ක්‍රීඩා කරවන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍යතාවයක් තියනවනම්, චාමිකව අපිට උඩින් එවන්න පුලුවන්. චාමිකට උඩින් දසුන් ශානක, වනිඳු හසරංග ඉන්න නිසා චාමික තව එක්ස්පීරියන්ස් ලැබෙනකන් එම ස්ථානයේම ක්‍රීඩාකරන එක හොඳයි. – ලසිත් මාලිංග
චාමික දැන් ක්‍රීඩාකරන ස්ථානයේ හොඳින් පන්දුවට පහර දෙනවා. ඔහුට ඒ ස්ථානයේම තව ක්‍රීඩාකරන්න දෙන්න ඕනේ. ක්‍රීඩකයින්ව ඒ විදියට ස්ථාන මාරු කරලා අන්තිමට කණ්ඩායමේවත් ස්ථානයක් නොලැබුණ අවස්ථාව ගොඩක් දැකලා තියනවා. ඒ නිසා චාමික හොඳින් පන්දුවට පහරදෙන එම ස්ථානයේම ක්‍රීඩා කරවන්න ඕනේ. – නුවන් කුලසේකර