ලෝක ටෙස්ට් ශූරයින්ව එක තරඟයකින් තෝරන එකට මම එකඟ නෑ. – විරාට් කෝලි
පලමු වරට පැවතී ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කිරීමට ඊයේ (23) නවසීලන්තය කණ්ඩායම සමත් වූයේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ය.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් කේන් විලියම්සන් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඉන්දීය කණ්ඩායමට පලමු ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ ලකුණු 219ක් පමණයි. නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 249ක් රැස් කිරීමට සමත් වූ අතර, ඉන්දීය කණ්ඩායමට සිය දෙවෙනි ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 170ක් පමණි. ඒ අනුව ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණී නවසීලන්ත කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරඟයෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි පවසා ඇත්තේ කේන් විලියම්සන් ඇතුළු නවසීලන්ත කණ්ඩායම ශූරයින් වීමට සුදුසුකම් ඇති නමුත්, අවුරුදු 2ක් පුරාවට පැවතී ටෙස්ට් ලෝක කුසලානයේ ශූරයින් එක් තරඟයකින් තෝරා ගැනීම තමන් එකඟ නොවන බවයි.
විරාට් කෝලි තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ අවම වශයෙන් තරග 3කින් යුත් තරගාවලියක් පවත්වා එම තරගාවලියෙන් ජය ගන්නා කණ්ඩායමට ශූරතාවය පිරිනැමීම ඉදිරියේ දී සිදු විය යුතු බවයි.

මෙය, විරාට් කෝලිගේ නායකත්වයෙන් ඉන්දීය කණ්ඩායම අයි.සී.සී තරඟාවලියක අවසන් මහා තරඟයට තේරී පත් වීමට හැකිවූ දෙවෙනි අවස්ථාව වන අතර මීට පෙර 2017 දී ශූරයින්ගේ කුසලානයේදී අවසන් මහා තරඟයේදී පකිස්ථාන කණ්ඩායමට එරෙහිව පරාජයට පත් වීමට සිදුවිය.