ලෝක පූජිත මුරලිදරන්ගේ පන්දු යැවීම වෙනස් කළ අයුරු පුහුණුකරු සුනිල් ප්‍රනාන්දු කියයි.
ශ්‍රී ලංකාවේ බිහිවූ අති විශිෂ්ඨ පන්දු යවන්නෙක් වන මුත්තයියා මුරලිදරන් කුඩා කාලයේ වේග පන්දු යවන්නෙක් වන අතර පසු කාලයේදී මුරලිගේ පුහුණුකාරයා වූ සුනිල් ප්‍රනාන්දු මුරලිගේ පන්දු යැවීම වෙනස් කළ අයුතු පැහැදිලි කලා.
සුනිල් ප්‍රනාන්දු-
“මම එක දවසක් ග්‍රවුන්ඩ් එක ලඟින් ඇවිදගෙන යන කොට ලමයි වගයක් සොෆ්ට් බෝල් ක්‍රිකට් ගගහා ඉදියා. මම දැක්කා එක ලමයෙක් දුවගෙන ගිහින් හයියෙන් බෝල් කරනවා. මට ඒ වෙලාවෙම හිතුනා මෙයාගේ යම්කිසි දෙයක් තියනවා කියලා. මම ඒ ළමයට කතා කරලා ඇහුවා “පුතා ඔයා ස්කෝලේ ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට එන්න කැමතිද” කියලා ඇහුවා. එදා ඒ ළමයා “සර් මම අම්මගෙන් අහලා කියන්නම්” කියලා කිව්වා. ඒ දවස්වල මම ස්කෝලේ ලඟම තියන ගෙදර ක්‍රිකට් පිච් එකක් හදලා මට ෆ්‍රී වෙලාවට ළමයින්ට පුරුදු කරනවා. ඔහොම දවසක් ප්‍රැක්ටිස් කර කර ඉන්න කොට ලේඩි කෙනෙක් ළමයෙකුත් එක්ක ඇවිල්ලා මට කිව්වා “සර් කියලා තිබ්බා අපේ ළමයට ස්කෝලේ ප්‍රැක්ටිස් වලට එන්න කියලා. මම සර්ට ළමයව බාර දෙන්නම්, එයාට පුරුදු කරන්න” කියලා.
මුරලි ඒ දවස්වල ෆාස්ට් බෝල් කරේ. සාමාන්‍යයෙන් හොඳටත් බැට් කරනවා. මම ඒ දවස්වල මුකුත් වෙනසක් කරන්න ගියේ නැහැ. ඔහොම යන කොට මම මුරලිව ස්කෝලේ under 13 ටීම් එකට ගත්තා. ඊට පස්සේ එක දවසක් අපි ෆයිනල් මැච් එකකට ඇවිල්ලා අන්තිම ඕවරයට අපිට ලකුණු 6ක් ගහන්න තිබුණා. මුරලි 6ක් ගහලා මැච් එක දිනුවා.
මුරලි Under 15 ගහන කාලේ මම ආයේ දවසක් දැක්කා ග්‍රවුන්ඩ් එකේ ළමයි සොෆ්ට් බෝල් ගගහා ඉන්න කොට හොඳට වේගයෙන් බෝල් කරන හතර දෙනෙක් ඉදියා. මම ඒ ළමයින් හතර දෙනාටත් ස්කෝලේ ප්‍රැක්ටිස් එන්න කිව්වා. ඒගොල්ලොත් හොඳට බෝල් කරන නිසා ඊට පස්සේ මට පොඩි ප්‍රශ්නයක් ආවා දැන් මුරලිට මොකද වෙන්නේ කියලා. පස්සේ මම මුරලිට කිව්වා ඕෆ් කටර්ස් බෝල් කරලා බලමු කියලා. මොකද මම ඒ දවස්වල බෝල් කරෙත් ඕෆ් කටර්ස් නිසා. මුරලි හා කිව්වා. ඒ සතියෙම තිබුණා අපිට Under 15 මැච් එකක්. මුරලි ඒ විදියට බෝල් කරලා පලවෙනි මැච් එකේම විකට් පහක් ගත්තා.
අපි මුල් කාලේ හිතුවේ නෑ මුරලි ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරයි කියලා. නමුත් එයා බෝලේ දඟකවන විදියට හැමෝම පුදුම වුණා. ඉතින් ඒ විදියට තමා මුරලිගේ පන්දු යැවීමේ වෙනස සිදුවුණේ.
ඒ විදියට ක්‍රිකට් ආරම්භ මුත්තයියා මුරලිදරන්ගේ ක්‍රිකට් දිවිය අවසන් කළේ ලෝකයේ වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා ලෙසයි.