වනිඳු හසරංගගෙන් උත්සහය අපතේ යයි. ඇෆ්ගනිස්තානයට ලකුණු 60ක ජයක්..
(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ පලමු තරඟය අද (25) පැවැත්වුණ අතර, එම තරඟයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 60ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන් Hashmatulla Shahidi පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 294ක් ලබාගැනීමට සමත්විය.
ඇෆ්ගනිස්තාන් ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Ibrahim Zadran ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 120කදී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 106 ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව, Rahmanullah Gurbaz පන්දු 55කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 55ක් හා Rahmat Shah පන්දු 64කදී ලකුණු 52ක් ලබාගත් අතර, Najibullah Zadran පන්දු 25කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 42ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී, සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 10 අවසානයේදී ලකුණු 42 කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වූ අතර, මහීශ් තීක්ශන, ලහිරු කුමාර , දනංජය ලක්ශාන් හා කසුන් රාජිත ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්වුණා.
ඉන් අනතුරුව ලකුණු 295ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 234ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක, ජාත්‍යන්තර එක්දින පිටියේ 4 වන අර්ධ ශතකය රැස්කරගත් අතර ඔහු පන්දු 83කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 85ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඉනිමේ අවසන් බාගයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් ගොඩනැගූ වනිඳු හසරංග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 46කදී හතරේ පහර 10ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබාගත් අතර, අන්කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟාවීමට නොහැකි විය. නායක දසුන් ශානක හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 16ක් පමණයි.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ Fazalhaq Farooqi පන්දුවාර 9ක් අවසානයේදී ලකුණු 49කට කඩුලු 4ක් බිඳ දැමූ අතර Gulbadin Naib ලකුණු 34කට කඩුලු 3ක් හා රශීඩ් ඛාන් ලකුණු 40කට එක් කඩුල්ලක් ද ලබාගැනීමට සමත්වුණා.
ඒ අනුව, තරඟාවලිය ආරම්භ වෙමින් පැවතී පලමු තරඟයෙන්ම ශ්‍රී ලංකාව පරදා ලකුණු 60ක ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ ශතකයක් ලබාගත් Ibrahim Zadran වේ.
වනිඳු හසරංග Nabi ගේ පන්දුවාරයේදී එල්ල කළ හයේ පහර හා හතරේ පහර 4 වීඩියෝව හා වනිඳු හසරංග ලබාගත් කඩුලු දෙකේ වීඩියෝ මෙන්න.
Waniya pic.twitter.com/r1PeygqjtW
— Stay Cricket (@staycricket) November 25, 2022
Waniya pic.twitter.com/c8RN9FmIJJ
— Stay Cricket (@staycricket) November 25, 2022