වනිඳු හසරංගගෙන් ජැෆ්නා කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක්.
කණ්ඩායම් 5කින් සමන්විත් 2023 නැශනල් සුපර් ලීග් සිව්දින තරඟාවලියේ දඹුල්ල කණ්ඩායම හා ජැෆ්නා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තරඟයේ වැඩි වාසිය ලබාගැනීමට මිනෝද් බානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත්වී තිබෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම සිය පලමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 122.4ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලකුණු 426ක් ලබාගැනීමට සමත්වුණා.
එහිදී දඹුල්ල ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කරගැනීමට පවන් රත්නායක සමත්වූ අතර, ඔහු පන්දු 148කට මුහුණදෙමින් හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 117ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, ආරම්භක පිතිකරු Gayan Maneeshan පන්දු 93කදී ලකුණු 51ක් හා අශාන් ප්‍රියන්ජන් පන්දු 117කදී ලකුණු 49ක් ලබාගත් අතර, සනෝජ් දර්ශික පන්දු 128කදී ලකුණු 47ක් හා ලහිරු සමරකෝන් පන්දු 50කදී ලකුණු 43ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් රවිඳු ප්‍රනාන්දු පන්දුවාර 28.4කදී ලකුණු 131කට කඩුලු 6ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Eshan Malinga පන්දුවාර 24කදී ලකුණු 65කට කඩුලු 3ක් ද බිඳ දැමීමට සමත්වුණා.
අනතුරුව සිය පලමු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කණ්ඩායමට පන්දුවාර 58.4කදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 236ක් පමණයි.
එහිදී, ඉනිමේ පලමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු Navod Paranavithana ලකුණු 4කට දැවී යාමෙන් අනතුරුව, Ron chandraguptha සමඟින් එක්ව Avishka Tharindu දෙවන කඩුල්ල සඳහා ලකුණු 63ක සබඳතාවක් ගොඩනැගූ අතර, අනතුරුව Avishka Tharindu ලකුණු 22කට දැවීගියේය.
ඉන් අනතුරුව, නායක සදීර සමරවික්‍රම පන්දු 46කදී ලකුණු 34කට දැවීගිය අතර, ජනිත් ලියනගේ පන්දු 21කදී ලකුණු 23ක් ලබාසිටියදි දුශාන් හේමන්තගේ පන්දුවක් හමුවේ දැවීයාමට ලක්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ron chandraguptha අර්ධ ශතකයක් වාර්තා කරගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 135කට මුහුණදෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 97ක් ලබාගැනීමට සමත්වූ අතර ඉනිමේ 5වන කඩුල්ල ලෙස වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දැවීයාමට ලක්වුණා.
ලහිරු මදුශංක පන්දු 38කදී ලකුණු 34ක් ලබාගත් නමුත් අනෙක් ක්‍රීඩකයින් හට සාර්ථක වීමට නොහැකි වීම නිසා ජැෆ්නා ඉනිම ලකුණු 236කට සීමාවිය.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වීමට වනිඳු හසරංග සමත්වූ අතර ඔහු පන්දුවාර 19.4කදී ලකුණු 46ක් පමණක් ලබාදී කඩුලු 6ක් බිඳ දැමීමට සමත්වුණා.
ඔහුගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වනුයේ, Ron Chandraguptha , අවිශ්ක තරිඳු , ශශික දුල්ශාන්, රවිඳු ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ හා බිනුර ප්‍රනාන්දු වේ.
වනිඳුට අමතරව දුශාන් හේමන්ත පන්දුවාර 10කදී ලකුණු 51කට කඩුලු 2ක් හා ලහිරු සමරකෝන් , චලන ද සිල්වා එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.
ඒ අනුව, මේ වන විට ජැෆ්නා කණ්ඩායමේ පලමු ඉනිමට වඩා ලකුණු 196ක වාසියක් ද දඹුල්ල කණ්ඩායම සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටී