වනිඳු හසරංගගෙන් සුපිරි පන්දු යැවීමක්.. Desert Vipers කණ්ඩායමට ලකුණු 22ක ජයක්.

(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) International League T20 තරඟාවලියේ 23 වන තරඟය ලෙස පැවතී Desert Vipers කණ්ඩායම හා Sharjah Warriors කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කරගැනීමට Desert Vipers කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Desert Vipers කණ්ඩායම පලමුව පන්දුවට පහර තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Desert Vipers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 148ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී, Desert Vipers ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Benny Howell පන්දු 23කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, ආරම්භක පිතිකරු Rohan Mustafa පන්දු 33කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 31ක් ලබාගත් අතර, Sam Billings පන්දු 23කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද ලබාගැනීමට සමත්විය. නායක Colin Munro හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 11ක් පමණයි.

 

 

පන්දු යැවීමේදී Noor Ahmed පන්දුවාර 4 අවසානයේදී ලකුණු 27කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, Muhammad Jawadullah පන්දුවාර 4 අවසානයේදී ලකුණු 36කට කඩුලු 2ක් හා Mohammed Nabi ලකුණු 19කට එක් කඩුල්ලක් ද බිඳ දැමීය.

අනතුරුව ලකුණු 149ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී Sharjah Warriors කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 126ක් පමණයි.

 

Sharjah Warriors ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ paul Walter වේ. ඔහු පන්දු 23කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව Noor Ahmed පන්ද 19කදී එක් හයේ පහරක් හා එක් හයේ පහරක් සමඟින්  ලකුණු 23ක් ලබාගත් අතර Adam Hose පන්දු 17කදී ලකුණු 17ක් හා Marcus Stoinis පන්දු 26කදී ලකුණු 17ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 13කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව Luke Wood පන්දුවාර 4 අවසානයේදී ලකුණු 20කට කඩුලු 3ක් හා Gus Atkinson ලකුණු 24කට එක් කඩුල්ලක් ද බිඳ දැමීය.

 

 

වනිඳු හසරංග ලබාගත් කඩුලු 3ත් සමඟින් ඒ වන විට තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සමත්වූ අතර, පසුව පැවතී තරඟයේදී Chris jordan ලකුණු 12කට කඩුලු 3ක් බිඳ දමමින්, වැඩිම කඩුලු ලාභීන් අතර පලමු ස්ථානයට පැමිනීම සමත්විය.

මේ වන් විට (පෙබරවාරි 2) තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන්,

 

1) Chris jordan – කඩුලු 13 – තරඟ 6 (හොඳම පන්දු යැවීම ලකුණු 12කට කඩුලු 3ක් බිඳ දැමීම)

 

 

2) වනිඳු හසරංග – කඩුලු 10 – තරඟ 6 (හොඳම පන්දු යැවීම ලකුණු 13කට කඩුලු 3ක් බිඳ දැමීම)

 

 

3) Naveen-ul-haq – කඩුලු 10 – තරඟ 8 (හොඳම පන්දු යැවීම ලකුණු 38කට කඩුලු 5ක් බිඳ දැමීම)

 

 

4) David Wiese – කඩුලු 9 – තරඟ 6 (හොඳම පන්දු යැවීම ලකුණු 3කට කඩුලු 3ක් බිඳ දැමීම)

 

 

5) Sheldon Cottrell – කඩුලු 9 – තරඟ 7 (හොඳම පන්දු යැවීම ලකුණු 14කට කඩුලු 3ක් බිඳ දැමීම)

 

 

ඒ අනුව, Sharjah Warriors කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත්කරමින් Desert Vipers කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ ලකුණු 13කට කඩුලු 3ක් බිඳ දැමූ වනිඳු හසරංග වේ.

 

 

වනිඳු හසරංග ලබාගත් කඩුලු තුන වීඩියෝව මෙන්න. (Video) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *