වනිඳු හසරංගගෙන් සුපිරි පන්දු යැවීමක්.. Desert Vipers කණ්ඩායමට ලකුණු 111ක ජයක්.

(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) International League T20 තරඟාවලියේ 9 වන තරඟය ලෙස පැවතී Abu dhabi Knight Riders කණ්ඩායම හා Desert Vipers කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 111ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට Desert Vipers කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Abu dhabi Knight Riders කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Desert Vipers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 219ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී, Desert Vipers ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු  ඇලෙක්ස් හේල්ස් ශතකයක් වාර්තා කරගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 59කදී හතරේ පහර 7ක් හා හයේ පහර 6ක් සමඟින් වේගවත් ලකුණු 110ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, නායක Colin Munro පන්දු 41කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබාගත් අතර, Sherfane Rutherford පන්දු 7කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 23ක් හා Tom Curran පන්දු 8කදී ලකුණු 16ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී ලහිරු කුමාර පන්දුවාර 4 අවසානයේදී ලකුණු 31කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, ඇන්ඩෘ රසල් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 47කට එක් කඩුල්ලක් බිඳ දැමීය.

අනතුරුව ලකුණු 220ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී Abudhabi Knight Riders කණ්ඩායමට පන්දුවාර 15.1ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 108ක් පමණයි.

Abu Dhabi Knight Riders වැඩිම ලකුණු ලාභියා වූ නායක Andre Russell අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 29කදී හතරේ පහර 5ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව දනංජය ද සිල්වා පන්ද 13කදී එක් හයේ පහරක් සමඟින් ලකුණු 12ක් හා Zawar Farid ලකුණු 11ක් ලබාගත් අතර, අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10සීමාවටවත් ලඟාවීමට හැකිවූයේ නෑ. චරිත් අසලංක ලකුණු ලබාගැනීමට පෙර දුවද්දී දැවීයාමට හසුවුණා.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් Sheldon Cottrell පන්දුවාර 4 අවසානයේදී ලකුණු 14කට කඩුලු 3ක් දවාගත් ගැනීමට සමත්වුණා. ඊට අමතරව වනිඳු හසරංග පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 21කට කඩුලු 2ක් , Benny Howell ලකුණු 6කට කඩුලු 2ක් හා Gus Atkinson , Shiraz Ahmed එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්විය.

 

 

ඒ අනුව, Abu Dhabi Knight Riders කණ්ඩායම ලකුණු 111කින් පරාජයට පත්කරමින් Desert Vipers කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ ශතකයක් වාර්තාකර Alex Hales වේ.

 

 

වනිඳු හසරංග ලබාගත් කඩුලු දෙක හා චරිත් අසලංක දවාගත් ආකාරය වීඩියෝව මෙන්න. (Video) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *