වනිඳු හසරංග අංක 3ට පැමිණෙයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් ඉදිරිපත් කරන නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම අද (10) දින සිදුකර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉදිරියට පැමිණීමට හැකිවී තිබෙනවා.
ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක එකේ රැඳී සිටි දකුණු අප්‍රිකා ක්‍රීඩක Tabraiz Shamsi පසුකරමින් වනිඳු හසරංග අංක 1ට පත්ව සිටි අතර, නවතම ශ්‍රේණිගත කිරීමෙහි ද වනිඳු හසරංගට අංක එක ස්ථානයේ රැඳී සිටීමට හැකි වී තිබෙනවා.
මේ වන විට වනිඳු හසරංග විසින් ප්‍රසාද ලකුණු 797ක් ලබාගෙන සිටින අතර Tabraiz Shamsi ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 784කි.
ඊට අමතරව වේගපන්දු යවන දුශ්මන්ත චමීර ප්‍රසාද ලකුණු 518ක් ලබාගනිමින් අංක 29 ට පැමිණීමට සමත් වී ඇති අතර, යොවුන් ක්‍රීඩක මහීශ් තීක්ශණ අංක 44 ස්ථානයට පැමිණ තිබෙනවා.
මීට අමතර මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දැක්වීමය සමත් වීම හේතුවෙන් වනිඳු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි තුන්වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 173ක් ලබාගනිමිනි.
තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමෙහි දෙවන ස්ථානයේ ප්‍රසාද ලකුණු 260ක් ලබාගෙන බංගලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන් සිටින අතර, ප්‍රසාද ලකුණු 265ක් ලබාගනිමින් ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩක Mohommad Nabi පලවෙනි ස්ථානයේ රැඳී සිටිනවා.
ඊට අමතරව විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පිතිකරණයෙන් චරිත් අසලංක දැක්වූ දක්ශතා හේතුවෙන්, විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි ප්‍රසාද ලකුණු 534ක් ලබාගනිමින් අංක 27 ස්ථානයට පැමිණීමට හැකිවී ඇති අතර, කුසල් ජනිත් පෙරේරා ප්‍රසාද ලකුණු 486ක් ලබාගනිමින් අංක 37 ස්ථානයේ රැඳී සිටිනවා.
ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක ද ශ්‍රේණිගත කිරීමෙහි අංක 69 ස්ථානයේ රැඳී සිටින අතර බානුක රාජපක්ෂ ප්‍රසාද ලකුණු 409ක් ලබාගනිමි විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමෙහි 87 වන ස්ථානයේ රැඳී සිටිනවා.
කෙසේ නමුත්, විස්සයි විස්ස පිටියේ පන්දුවෙන් දස්කම් දක්වමින් ශ්‍රේණිගත කිරීමෙහි අංක 9 දක්වා ද ඉදිරියට පැමිණීමට සමත්වී තිබූ ලක්ශාන් සඳකැන් මේ වන විට, ප්‍රසාද ලකුණු 460ක් තබාගනිමින් අංක 49 වන ස්ථානය දක්වා පහළට යාමට සිදුවී තිබෙනවා.