වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවයට මිලදී ගනී.

2013 දී ප්‍රථම වරට ආරම්භ වූ වන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 9 වන අදියර මෙම වසරේ අගෝස්තු 28 සිට සැත්තැම්බර් 19 දින දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 6කින් තරඟ 33කින් පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර තරඟාවලිය ක්‍රීඩා කරන කණ්ඩායම් හය වනුයේ, Barbados Tridents, Guyana Amazon Warriors, Jamaica Tallawahs, St Kitts & Nevis Patriots, St Lucia Zouks, Trinbago Knight Riders වේ.


ඒ සඳහා ශ්‍රී ලංකා හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා , වත්මත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග හා ඉසුරු උදාන යන ක්‍රීඩකයින් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කණ්ඩායම් විසින් මිලදී ගෙන ඇති බවට වාර්ථා වෙනවා.


ඒ අනුව ශ්‍රී ලංක හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා Barbados Tridents කණ්ඩායමටත්, දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග St Kitts & Nevis Patriots කණ්ඩායමටත්, වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු ඉදාන Trinbago Knight Riders කණ්ඩායමටත් ක්‍රීඩා කරනු ඇති.


ගිය වසරේ පැවතී තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ Trinbago Knight Riders කණ්ඩායම සමත් වූ අතර අනුශූරතාවය දිනාගැනීමට සමත් වූයේ St Lucia Zouks කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *