වනිඳු හසරංග නැවතත් මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාව සමකරයි.

(වීඩියෝ පහළින්ම නැරඹිය හැක) 15 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 67 වන තරඟය ලෙස පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ගගුජරාට් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාන්ඩ්‍යා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබාගැනීමට සමත්විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක හර්දික් පාන්ඩ්‍යා වේගවත් අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 47කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ඩේවිඩ් මිලර් පන්දු 25කදී හයේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ව්‍රිද්දිමන් සහා පන්දු 22කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 31ක් හා රශීඩ් ඛාන් පන්දු 6කදී හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී ජෝස් හේසල්වුඩ් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 39කට කඩුලු 2ක් බිඳ දැමූ අතර වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25ක් පමණක් ලබාදී එක් කඩුලුක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව ග්ලේන් මැක්ස්වෙල් ද එක් කඩුල්ලක් දවාගනු ලැබූවා.

 

 

වනිඳු හසරංග අද ලබාගත් කඩුල්ලත් සමඟින් මෙවර තරඟාවලියේ නැවතත් වැඩිම කඩුලු ලාභියා වීමට සමත්වූ අතර ඔහු තරඟ 14කදී කඩුලු 24ක් දවාගෙන සිටිනවා. ඊට අමතරව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහාල් ද තරඟ 13කදී කඩුලු 24ක් ලබාගෙන තිබෙනවා.

 

 

අනතුරුව ලකුණු 169ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලබාගත් හොඳ ආරම්භකයත් සමඟින් පන්දුවාර 18.4 අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර යාමට සමත්විය.

බැංගලෝර් ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ විරාට් කෝලි පන්දු 54කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 73 ලබාගැනීමට සමත්විය. විරාට් කෝලි අද ලබාගත් අර්ධ ශතකය අයි.පී.එල් තරඟාවලියේ ඔහුගේ 44 වන අර්ධ ශතකයයි.

 

 

ඊට අමතරව නායක ෆේෆ් ඩු ප්ලෙසිස් පන්දු 38කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ලබාගත් අතර, අවසානයේදී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණයට කරාගෙන ගිය ග්ලේන් මැක්ස්වෙල් පන්දු 18කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 40ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

බැංගලෝර් ඉනිමේ බිඳ වැටුනු කඩුලු දෙක ලබාගැනීමට හැකිවූයේ රශීඩ් ඛාන් වේ. (ඕවර් 4 – ළකුණු 32 – කඩුලු 2 )

ඒ අනුව ප්‍රබල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමින් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ නැවතත් 4 වන ස්ථානයට පත්වීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් අර්ධ ශතකයක් ලබාගත් විරාට් කෝලි වේ.

 

වනිඳු හසරංග ලබාගත් කඩුල්ල (වීඩියෝව)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *