වනිඳු හසරංග මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාව සමකරයි.

(වීඩියෝ පහළින්ම නැරඹිය හැක) 15 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 60,වන තරඟය ලෙස පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණ 54ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් නායක ෆෆ් ඩු ප්ලෙසිස් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 209ක් ලබාගැනීමට සමත්විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලියම් ලිවින්ස්ටන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායමේ පන්දු 42කදී හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 70ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු පන්දු 29කදී හතරේ පහර 4 හා හයේ පහර 7ක් සමඟින් වේගවත් ලකුණු 66ක් ලබාගත් අතර නායක Mayank Agarwal පන්දු 16කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබාගැනීමට සමත්වුණා. මෙම තරඟයේදී භානුක රාජපක්ෂට ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණයි.

 

 

පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට එරෙහිව හර්ශාල් පටෙල් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 34කට කඩුලු 4 බිඳ දැමූ අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 15ක් පමණක් ලබාදී කඩුලු 2ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව ග්ලේන් මැක්ස්වෙල් හා Shahbaz Ahmed අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

 

 

මෙම තරඟාවලියේ වනිඳු හසරංග ලබාගත් කඩුලු 2 සමඟින් මෙවර තරඟාවලියේ දැනට වැඩිම කඩුලු ලාභියා වූ යුස්වේන්ද්‍ර චහාල්ව සමකිරීමට සමත්වුණා. යුස්වේන්ද්‍ර චහාල් තරඟ 12කදී කඩුලු 23ක් දවාගෙන ඇති අතර වනිඳු තරඟ 13කදී කඩුලු 23ක් දවාගෙන ඇත.

 

 

අනතුරුව ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 155ක් පමණයි.

බැංගලෝර් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 22කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Rajat Patidar පන්දු 21කදී එක් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු විරාට් කෝලි පන්දු 14කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබාගැනීමට සමත්වුණා. නායක ෆෆ් ඩු ප්ලෙසිස්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 10ක් පමණයි. වනිඳු හසරංග ලකුණු 1කට දැවීගියා.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් කගිසෝ රබාඩා පන්දුවාර 4 අවසානයේදී ලකුණු 21කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Rishi Dhawan ලකුණු 36කට කඩුලු 2ක්, රාහුල් චහාර් ලකුණු 37කට කඩුලු 2ක් හා Harpreet Brar එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්වුණා.

 

 

ඒ අනුව රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත්කරමින් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයට පත්වීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් අර්ධ ශතකයක් ලබාගත් ජොනී බෙයාස්ටෝ වේ.

වනිඳු හසරංග ලබාගත් කඩුලු 2 (වීඩියෝව)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *