වනිඳු හසරංග, සඳකැන්ගේ උත්සහය අපතේ යයි. Tamil Union අවසන් මහා තරඟයට.
Major clubs Limited Over තරඟාවලියේ ජූලි 31 වන දින Semi Final 1 ලෙස පැවතී Tamil Union කණ්ඩායම හා කලම්බෝ ක්‍රික්ට් ක්ලබ් කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 16ක විශිෂ්ඨ ජයක් ලබාගනිමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට Tamil Union කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Tamil Union කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 48.4 ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලකුණු 238ක් ලබාගැනීමට සමත්විය..
Tamil Union ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සදීර සමරවික්‍රම අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර, ඔහු පන්දු 82කට මුහුණදෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 74ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භ පිතිකරු Ron Chandraguptha පන්දු 50කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබාගත් අතර, නායක දනංජය ද සිල්වා පන්දු 56කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් හා Navod Paranavithana පන්දු 47කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 9.4ක් අවසානයේදී ලකුණු 37කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව අශාන් ප්‍රියන්ජන් ලකුණු 47කට කඩුලු 2ක් දවාගත් අතර මලින්ද පුෂ්පකුමාරද ලකුණු 38කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.
අනතුරුව ලකුණු 239ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී කොළඹ ක්‍රිකට් ක්ලබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 222ක් පමණයි.
කොළඹ ක්‍රිකට් ක්ලබ් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ලක්ශාන් සඳකැන් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු අවසානය දක්වා නොදැවී කඩුල්ලේ රැඳීසිටිමින් පන්දු 72කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ආරම්භක පිතිකරු මිනෝද් බානුක පන්දු 46කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 43ක් හා Pavan Rathnayake පන්දු 51කදී හයේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබාගත් අතර, නායක අශාන් ප්‍රියංජන් පන්දු 44කදී එක් හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මදුශාන් පන්දුවාර 10 අවසානයේදී ලකුණු 51කට කඩුලු 4ක් දවාගත් අතර, ඉසුරු උදාන ලකුණු 51කට කඩුලු 2ක් , ඩිලුම් සුදීර ලකුණු 40කට කඩුලු 2ක් හා දිල්රුවන් පෙරේරා ලකුණු 17කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්වුණා.
ඒ අනුව තරඟාවලියේ Semi Final 1 තරඟයේදී කොළඹ ක්‍රිකට් ක්ලබ් කණ්ඩායම පරාජයට පත්කරකින් දනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් Tamil Union කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගත් අතර අගෝස්තු 2 වන දින SL Army කණ්ඩායම සමඟින් අවසන් මහා තරඟය ක්‍රීඩා කිරීමට නියමිතයි.