වනිඳු හසරංග සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පිට පිට පන්දු තුනකදී කඩුලු 3ක් (හැට්‍රික්) දවාගනී. (වීඩියෝ)

මෙවර ලෝක කුසලානයේදී 25 වන තරඟය ලෙස ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවතී තරඟයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 4ක තියුණු ජයක් වාර්ථා කිරීමට සමත් විය. (වීඩියෝ එක පහළින් නැරඹිය හැක)

 

 

තරඟයේ කාසියේ වාසිය දින්නගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 142ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක පන්දු 58කදී හතරේ පහර 6ක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 72ක් රැස් කිරීමට සමත් වූ අතර, චරිත් අසලංක පන්දු 14කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 21ක් රැස් කිරීමට සමත් විය.

 

 

පන්දු යැවීමේදී Dwaine Pretorius ලකුණු 17කට කඩුලු 3ක් හා Tabraiz Shamsi ද ලකුණු 17කට කඩුලු 3ක් ලබාගත් අතර, Anrich Nortje ලකුණු 27කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

 

 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 19.5කදී ලකුණු 146ක් රැස් කරගනිමින් තරඟය තියුණු ජයක් වාර්ථා කිරීමට සමත් විය. දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Temba Bavuma පන්දු 46කදී ලකුණු 46ක් ලබාගැනීමට සමත් විය.

 

 

දකුණු අප්‍රිකා කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීමට අවසන් පන්දුවාරයේදී ලකුණු 15ක් ලබාගැනීමට තිබූ අතර, අවසන් පන්දුවාර ක්‍රියාත්මක කළ ලහිරු කුමාර හට හයේ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් විසින් හයේ පහර දෙකක් හා එක් හයේ පහරක් රැස් කරගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.

 

 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් වූ අතර, ඔහු පන්දුවාර 4කදී ලකුණු 20ක් පමණක් ලබාදී කඩුලු 3ක් දවාගත් අතර, දුශ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

 

 

වනිඳු හසරංග ලබාගත් කඩුලු ත්‍රිත්වයේ වීඩියෝව.

 

 

චරිත් අසලංක දුවද්දී දැවී යාම.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *