වනිඳු හසරංග හා දුශ්මන්ත චමීර රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වෙයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් ඉදිරිපත් කරන ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක දෙක ස්ථානයේ රැඳී සිටින වනිඳු හසරංග හා මෑත කාලයේ හොඳින් දස්කම් දක්වන වේගපන්දු යනව ක්‍රීඩක දුශ්මන්ත චමීර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.
මෙතෙක් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් සම්පා වෙනුවට වනිඳු හසරංග ආදේශ කර ඇති බව ඔවුන් නිවේදනය කර ඇත.
පහුගිය මැයි මාසයේ දී තරඟාවලියේ ජෛව ආරක්ෂික බුබුළ තුලින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්ථා වීම හේතුවෙන් තරඟාවලිය කල් දැමීමට සිදු වූ අතර තරඟාවලියේ ඉදිරි තරඟ සැත්තැම්බර් 19 වෙනිදා සිට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
තරඟාවලියේ තවත් තරග 31ක් පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය ඔක්තෝබර් මස 15 එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමෙන් අනතුරුව ඉන් දින දෙකකට පසුව, එනම් ඔක්තෝබර් 17 වනදායි 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත.

IPL තරගාවලිය නැවත ආරම්භ කරමින් පළමු තරගය, එනම් මෙවර තරගාවලියේ 30 වන තරගය සැප්තැම්බර් 19 වනදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඩුබායි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.