වනිඳු හසරංග T20 ශ්‍රේණිගත කිරීමෙහි තවත් පහළට යයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරය අතරතුරේදීත් ලෝකයේ අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වූ වනිඳු හසරංග, ගිය සතියේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම අනුව අංක තුන දක්වා පහළට යාමට සිදුවූ අතර, අද දින ICC ය මඟින් ඉදිරිපත් කළ නවතම ශ්‍රේණිගත කිරීම අනුව තවත් පහලට යමින් අංක හතර දක්වා පසුබැසීමට සිදුවී තිබෙනවා.

 

ඒ අනුව, අංක හතර ස්ථානයේ සිටි එංගලන්තය ක්‍රීඩක Adil Rashid වනිඳු හසරංගව පසුකරමින් අංක තුන ස්ථානයට පැමිණ ඇත්තේ.

නිමාවූ සතියේ අංක තුන ස්ථානයේ සිටි වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 760කට හිමිකම් කියූ අතර මෙවර ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු ගණන 730යි.

 

කෙසේ නමුත් ගිය සතියේදී ඉදිරිපත් කළ ශ්‍රේණිගත කිරීමෙහි අංක 01 හා අංක 02 ස්ථාන වල සිටි Tabraiz Shamsi හා Josh Hazlewood තවමත් එම ස්ථානවලම සිටින අතර, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Ashton Agar ස්ථාන 4ක් ඉදිරියට පැමිණමින් අංක 9 ස්ථානයට පැමිණ තිබෙනවා.

 

ඒ අනුව විස්සයි විස්ස පිටියේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම අංක 1-5 දක්වා පහළින්,

1 – Tabraiz Shamsi – ප්‍රසාද ලකුණු 784
2 – Josh Hazlewood – ප්‍රසාද ලකුණු 752
3 – Adil Rashid – ප්‍රසාද ලකුණු 746
4 – Wanindu Hasaranga – ප්‍රසාද ලකුණු 730
5 – Adam Zampa – ප්‍රසාද ලකුණු – 719

 

ඊට අමතරව වනිඳු හසරංගගේ තුන්ඉරියව් දක්ශතා හේතුවෙන් විස්සයි විස්ස පිටියේ තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි ද ඉදිරියට පැමිණ සිටි වනිඳු හසරංග නිමාවූ සතියේ කළ ශ්‍රේණිගත කිරීමෙහි අංක 5 ස්ථානයේ සිටි නමුත්, මෙවර වනිඳු හසරංග නවතම ශ්‍රේණිගත කිරීම අනුව තවත් ස්ථානය දෙකකින් පහළට යමින් අංක 7 දක්වා පහළ බැසීමට ද සිදුවී තිබෙනවා.

 

තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි ඔහු ලබාගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 159ක්.

ඕස්ට්‍රේලියාව සංචාරය අතරතුරේදී වනිඳු හසරංග කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් අතර, මේ වන විටත් ඔහු සුවය නොලැබීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිටින බැවින් ඉන්දියාවට එරෙහිව පැවැත්වන විස්සයි විස්ස තරඟාවලිය අහිමි වන බවටද වාර්තා වෙනවා.

(තමන් ක්‍රීඩා කරන කණ්ඩායම තරඟ ක්‍රීඩාකරන විට තමන්ට තරඟ වලට ක්‍රීඩා කිරීමට නොහැකි වන විට ඔහුගේ ප්‍රසාද ලකුණු අඩුවන බැවින් වනිඳු හසරංග ඉදිරියේදීත් ශ්‍රේණිගත කිරීම්හි තවත් පහළට බැසීමට ඉඩඇත)

 

මේ අතර ඕස්ට්‍රේලියා සංචාරය අතරතුරේදී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ තරුණ ක්‍රීඩක පැතුම් නිස්සංක ද විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට පැමිණීම හැකිවී තිබෙන අතර ඔහු ස්ථාන 6ක් පසුකරමින් අංක 15 දක්වා ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.

 

ඊට අමතරව පන්දුවෙන් තම කණ්ඩායමට විශාල සේවයක් සිදුකළ මහීශ් තීක්ශණ ද ස්ථාන 12ක් ඉදිරියට පැමිණෙමින් අංක 17 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වී ඇත. ඔහු මේ වන විට ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු ගණන 592ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *