වනිඳු හසරංග T20 ශ්‍රේණිගත කිරීමෙහි තවත් පහළට යයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරය අතරතුරේදීත් ලෝකයේ අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වූ වනිඳු හසරංග, ගිය සතියේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම අනුව අංක තුන දක්වා පහළට යාමට සිදුවූ අතර, අද දින ICC ය මඟින් ඉදිරිපත් කළ නවතම ශ්‍රේණිගත කිරීම අනුව තවත් පහලට යමින් අංක හතර දක්වා පසුබැසීමට සිදුවී තිබෙනවා.
ගිය සතියේ අංක හතර ස්ථානයේ සිටි එංගලන්තය ක්‍රීඩක Adil Rashid වනිඳු හසරංගව පසුකරමින් අංක තුන ස්ථානයට පැමිණ තිබෙනවා.
කෙසේ නමුත් ගිය සතියේ අංක එක හා අංක දෙක ස්ථානයේ සිටි Tabraiz Shamsi හා Josh Hazlewood තවමත් එම ස්ථාන වලම සිටින අතර, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Ashton Agar ස්ථාන 4ක් ඉදිරියට පැමිණමින් අංක 9 ස්ථානයට පැමිණ තිබෙනවා.
ඊට අමතරව නිමාවූ සතියේ තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමෙහි අංක 5 ස්ථානයේ සිටි වනිඳු හසරංග මෙවර නවතම ශ්‍රේණිගත කිරීම අනුව ස්ථානය දෙකකින් පහළට යමින් අංක 7 දක්වා පහළ බැසීමට ද සිදුවී තිබෙනවා.
මේ අතර ඕස්ට්‍රේලියා සංචාරය අතරතුරේදී දැක්වූ දක්ශතා හේතුවෙන් පැතුම් නිස්සංක ස්ථාන 6ක් ඉදිරියට පැමිනෙමින් අංක 15 දක්වාත්, මහීශ් තීක්ශණ ස්ථාන 12ක් ඉදිරියට පැමිණෙමින් අංක 17 වන ස්ථානයටත් පැමිණීමට සමත්වී තිබෙනවා.