වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පරදා, ඒශියා ලයන්ස් කණ්ඩායම තරඟාවලියේ පලමු ජය වාර්ථා කරයි.

(වීඩි‍යෝ එක පහළින් නැරඹිය හැක) 2022 ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය ලෙස අද (21) පැවතී ඒශියා ලයන්ස් හා වර්ල්ඩ් ජයන්ට්ස් අතර තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්ථා කිරීමට ඒශියා ලයන්ස් කණ්ඩායම සමත් වුණා.

 

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඒශියා ලයන්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 205ක් ලබා ගැනීමට සමත්විය.

වර්ල්ඩ් ජයන්ට්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Kevin O Brien පන්දු 46කදී හතරේ පහර 7ක් හා හයේ පහර 7ක් සමඟින් ලකුණු 95ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව ආරම්භක පිතිකරු Phil Mustard පන්දු 22කදී ලකුණු 28ක් ද, C anderson පන්දු 12කදී ලකුණු 28ක් ලබාගත් අතර, Albie Morkel පන්දු 7කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ඒශියා ලයන්ස් කණ්ඩායමේ නුවන් කුලසේකර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 17කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව Mohommad Hafeez ලකුණු 32කට කඩුලු දෙකක් හා, චමින්ද වාස් හා මුත්තයියා මුරලිදරන් ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

 

අනතුරුව ලකුණු 206ක දැවැන්ත ඉලක්කයක් හඹා යැමට පිටියට පිවිසී ඒශියා ලයන්ස් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 209ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.

මහරාජාස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග පන්දු 43කදී හතරේ පහර 7ක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 63ක් ලබාගැනීමට සමත් විය.

 

ඊට අමතරව ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමුන් පන්දු 32කදී හතරේ පහර 2ක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 52ක් ලබාගත් අතර, මොහොමඩ් හෆීස් පන්දු 13කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබාගැනීමට සමත් විය.

 

පන්දු යැවීමේදී වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමේ Morne Morkel ලකුණු 38කට කඩුලු දෙකක් හා, Monty Panesar එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.

ඒ අනුව ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරඟාවලියේ ඒශියා ලයන්ස් කණ්ඩායම පලමු ජය වාර්ථා කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූවේ පන්දු 43කදී ලකුණු 63ක් ලබාගත් උපුල් තරංග වේ.

 

 

නුවන් කුලසේකර ලබාගත් කඩුලු දෙකේ වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *