වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම හමුවේ ඉන්දියා මහරාජාස් කණ්ඩායම පරාජය වීමෙන් ආසියා ලයන්ස් කණ්ඩායම අවසන් මහාතරඟයට.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 6වන තරඟය ලෙස අද (27) පැවතී ඉන්දියා මහරාජාස් හා වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්ථා කිරීමට වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියා මහරාජාස් කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම ලබාදුන් අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 228ක් ලබාගැනීමට සමත්විය.

වර්ල්ඩ් ජයන්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Herschelle Gibbs පන්දු 46කදී හතරේ පහර 7ක් හා හයේ පහර 7ක් සමඟින් ලකුණු 89ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, ආරම්භක පිතිකරු Phil Mustard පන්දු 33කදී හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ලබාගත් අතර,  වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Kevin O Brien පන්දු 14කදී හයේ පහරවල් 5ක් සමඟින් ලකුණු 34ක් ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී Munaf Patel පන්දුවාර 4 අවසානයේදී ලකුණු 36කට කඩුලු 2ක් දවාගත් අතර, Irfan Pathan ලකුණු 26කට එක් කඩුල්ලක්, Rajat Bhatia ලකුණු 36කට එක් කඩුල්ලක් හා Stuart Binny ලකුණු 50කට එක් කඩුල්ල බැඟින්ද ලබාගැනීමට සමත්විය.

 

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී ඉන්දියා මහරාජාස් කණ්ඩායම  නියමිත පන්දුවාර 20ක අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 223ක් පමණි.

ඉන්දියා මහරාජාස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Naman Ojha පන්දු 51කදී හතරේ පහර 8ක් හා හයේ පහරවල් 7ක් සමඟින් ලකුණු 95ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව, Yusuf Pathanwa පන්දු 22කදී හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් රැස් කළ අතර, Irfan Pathan පන්දු 21කදී හතරේ පහර 3ක් හා හයේ පහරවල් 6ක් සමඟින් වේගවත් ලකුණු 56ක් ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් Morne Morkel ලකුණු 37කට කඩුලු 2ක් හා, Ryan Sidebottom ලකුණු 44කට කඩුලු දෙකක් ලබාගත් අතර, Brett Lee හා Albie Morkel ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

 

ඒ අනුව, ඉන්දියා මහරාජාස් කණ්ඩායම, වර්ල්ඩ්  ජයන්ට්ස් හමුවේ ලකුණු 5කින් පරාජයට පත්වීමෙන් අනතුරුව තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර, ජනවාරි මස 29 වන දින ආසියා ලයන්ස් හා වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතයි.

 

 

බ්‍රෙට් ලී යොමු කළ සුපිරි අවසන් පන්දුවාරය (වීඩියෝව),

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *