වසරක තරඟ තහනමකට ලක් වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයෙක් ඇමරිකාවට යාමට සූදානමක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර රාත්‍රියේ වීදි සංචාරය කරමින් සිටීම හේතුවෙන් දනුශ්ක ගුණතිලක, නිරෝශන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් තරඟාවලිය අතරතුරේදි නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා පසුගිය සතියේ විනය පරීක්ශනයකට යොමු කළ අතර එහිදී ඔවුන් තිදෙනා හට ක්‍රිකට් ආයතන මඟින් වසරක ක්‍රීකට් තහනම් පැනවීමට තීරණය කළේය.
මේ අතර මෙලෙස වසරක තරඟ තහනමකට ලක් වූ ක්‍රීඩකයින් තිදෙනාගෙන් එක් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර ඇමරිකාව බලා පිටත් වීමට සූදානම්ව ඇති බව ද නේශන් වෙබ් අඩවිය මඟින් සදහන් කර ඇති අතර මෙලෙස ඇමරිකාව බලා පිටත්ව යාමට සූදානම් වන ක්‍රීඩකයා කවුරුන්ද යැයි නමක් සඳහන් කර නොමැත.
පසුගිය සතියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කළ ඉසුරු උදාන, අනෙක් ක්‍රීඩකයින් හට අවස්ථාව ලබා දීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් සුපිරි වේග පන්දු යවන්නෙක් ද ජාත්‍යන්තර පිටියට සමු දීමට සූදානම් බවද ද නේශන් වෙබ් අඩවිය මඟින් සඳහන් කර ඇත.
බොහෝ විට සැත්තැම්බර් මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟාවලියට පෙර මෙම ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියෙන් සමුදීම ප්‍රකාශ කරනු ඇති බවට වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර,
පලමු එක්දින තරඟය – සැත්තැම්බර් 02 – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
දෙවන එක්දින තරඟය – සැත්තැම්බර් 04 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
තුන්වන එක්දින තරඟය – සැත්තැම්බර් 07 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
පලමු විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 10 – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
දෙවන විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 12 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
තුන්වන විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 14 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
