වසරේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහාම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළත් කරයි.

නිමා වූ 2021 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා සැලකිල්ලට ගනිමින්, ජනප්‍රිය ක්‍රීඩා වෙබ් අඩවියක් වන ESPNCRICINFO වෙබ් අඩවිය මඟින් වසරේ ටෙස්ට් ,එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නම් කරනු ලැබූවා.

 

කණ්ඩායම් තුන සඳහා නායකයින් තිදෙනෙක් ද නම් කර ඇති අතර ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස 2021 වසරේ ටෙස්ට් ලකුණු 1708ක් සමඟින් ලකුණු 61.00ක පිතිකරණ සාමාන්‍යක් රඳවාගෙන සිටින ජෝ රූට් ද, එක්දින කණ්ඩායමේ නායකයා ලෙස 2021 වසරේ ලකුණු 1779ක් ලබාගෙන ඇති බාබර් අසාම් නම් කර ඇති අතර විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස නම් අර ඇත්තේ ද පාකිස්තාන ක්‍රීඩක බාබර් අසාම් වේ.

 

ESPNCRICINFO වෙබ් අඩවිය මඟින් නම් කරන ලද වසරේ ටෙස්ට් කණ්ඩායම සඳහා ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙක්, පාකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක්, එංගලන්තය ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුලත් වන අතර, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ක්‍රීඩකයෙක් බැඟින්ද ඇතුලත් කර ඇත.

 

ඒ අනුව ESPNCRICINFO වෙබ් අඩවිය මඟින් නම් කරන ලද වසරේ ටෙස්ට් කණ්ඩායම,

රෝහිට් ෂර්මා, දිමුත් කරුණාරත්න, මර්නස් ලබුෂේන්, ජෝ රූට් (නායක), ෆවඩ් අලාම්, රිෂාබ් පාන්ට්, ආර්. අශ්වින්, ක්යිල් ජමීසන්, හසන් අලී, ඔලී රොබින්සන්, ශහීන් ශාහ් අෆ්රිඩි

 

වසරේ එක්දින කණ්ඩායම සඳහා අයර්ලන්තය හා බංගලාදේශය යන රටවල් වලින් ක්‍රීඩකයින් තිදෙනා බැඟින් හා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුලත් කර ඇති අතර,  පාකිස්තාන ක්‍රීඩකයින් දෙනෙක් හා දකුණු අප්‍රිකාව නියෝජනය කරම්න් එක් ක්‍රීඩකයෙක් ඇතුළත් කර ඇත. මෙම කණ්ඩායම සඳහා ඉන්දියාව, එංගලන්තය , ඕස්ට්‍රේලියාව , නවසීලන්තය වැනි ප්‍රබල කණ්ඩායම් වල කිසිඳු ක්‍රීඩකයෙක් ඇතුලත් නොවීම විශේෂත්වයකි.

 

ඒ අනුව 2021 වසරේ ESPNCRICINFO වෙබ් අඩවිය මඟින් නම් කරන ලද එක්දින කණ්ඩායම,

පෝල් ස්ටර්ලින්ග්, ෆකාර් සමාන්, බබාර් අසාම්(නායක), රසී වැන් ඩර් ඩුසේන්, ශකිබ් අල් හසාන්, මුෂ්ෆිකර් රහීම්, වනිදු හසරංග, සිමි සිං, ජොෂ් ලිට්ල්, දුෂ්මන්ත චමීර, මුස්ටර්ෆිසුර් රෙහ්මාන්

 

ඊට අමතරව, 2021 වසරේ විස්සයි විස්ස කණ්ඩායම සඳහා නායකයා ඇතුළුව පාකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක් හා එංගලන්තය ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුලත් කර ඇති අතර, ශ්‍රී ලංකාව , ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, ඇෆ්ගන් හා බංගලාදේශ යන රටවල් නියෝජනය කරමින් එක් ක්‍රීඩකයෙක් බැඟින්ද ඇතුලත් වී ඇත.

 

ඒ අනුව වසරේ විස්සයි විස්ස කණ්ඩායම ලෙස ESPNCRICINFO වෙබ් අඩවිය නම් කරන ලද කණ්ඩායම,

බබාර් අසාම්(නායක), මොහොමඩ් රිස්වාන්, මොයීන් අලී, ග්ලේන් මැක්ස්වෙල්, ලියම් ලිවින්ග්ස්ටන්, ග්ලේන් පිලිප්ස්, වනිදු හසරංග, හර්ෂාල් පටෙල්, රෂීඩ් ඛාන්, මුස්ටර්ෆිසුර් රෙහ්මාන්, ශහීන් ශාහ් අෆ්රිඩි

 

කෙසේ නමුත් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ICC ශ්‍රේණිගත කිරීම්හි දෙවෙනි ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකා ක්‍රීඩක ටබ්‍රායිස් ශම්සි මෙම කණ්ඩායම සඳහා ඇතුලත් වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *