වසර දෙකකට පසු එක්දින කණ්ඩායමට පැමිණී මැතිව්ස් දැක්වූ අදහස්,
තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරඟාවලිය මාර්තු 25 වන දින ආරවීමට නියමිත වන අතර, ඒ සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද නම් කර ඇති බව sportify වෙබ් අඩවිය මඟින් සඳහන් අර තිබෙනවා. (ශ්‍රී ලංකා කණ්ඩායම පහළින්ම සඳහන් කර ඇත)
වසර දෙකකට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් අර ඇති අතර, මෙම අභියෝගාත්මක තරඟයේදී ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද යන්න ඔහු සඳහන් කර සිටියා.
“අවුරුදු දෙකකට පස්සේ තමයි මම නැවතත් එක්දින කණ්ඩායමට පැමිණියේ. ඉතින් මම මේක අපේ කණ්ඩායමට හොඳ දෙයක් කරන්න අවස්ථාවක් කරගන්නවා.”
“මම හිතන්නේ මම මුකුත් ඔප්පුකරන්නවට වඩා මේක එක තරඟයක් විදිහට අරගෙන මට කරන්න පුලුවන් දේ කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි කවුරුත් කණ්ඩායමට එනවා යනවා, අපි වැඩ කරන්න කරන්න ඕනේ කණ්ඩායම ජයග්‍රහණය කරවන්න. ඉතින් අපි පුලුවන් තරම් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයින් සමඟම තරඟ ජයගෙන තරඟාවලිය ජයගැනීම තමා බලාපොරොත්තුව.”
නවසීලන්තයේදී පසුගිය තරඟාවලි වලදීත් ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් වී ඇති අතර, මෙවරද එම අභියෝගය එලෙසින් පවතින බව ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කර සිටියා.
“නවසීලන්තයේදී ක්‍රීඩා කරනවා කියන්නේ ගොඩාක් ලොකු අභියෝගයක්. මොකද අපි කලින් ක්‍රීඩා කළ නවසීලන්තය සංචාරවලදීත් අභියෝගයක් වෙලා තිබෙනවා. නමුත් අපි ඒ දේවල් වලට වඩා අපි එක් තරඟයක් විදිහට අරගෙන හොඳින් ක්‍රීඩා කරලා පලවෙනි තරඟය ජයග්‍රහණය කරන්න පුලුවන් වුනොත් ඒක අනෙක් තරඟ දෙක සඳහා ද හොඳ ආරම්භයක් වෙනවා.”
2023 එක්දින ලෝක කුසලානය කෙලින්ම සුදුසුකම් ලබාගැනීම සඳහා මෙම තරඟ 3ම ශ්‍රී ලංකාවට ජයගැනීමට අනිවාර්යයෙන්ම වන බැවින්, එම බලාපොරොත්තුවද කණ්ඩායමට තිබෙන බව මැතිව්ස් සඳහන් අර සිටියා.
“ලෝක කුසලානය සඳහා කෙලින්ම තේරීපත් වීමත් අනිවාර්යයෙන්ම අපේ ඔලුවේ තිබෙනවා. නවසීලන්තයත් කොච්චර හොද කණ්ඩායමක් ද කියලා අපි දන්නවා. ලේසි අභියෝගයක් නොවේ, නමුත් ඒ අභියෝගයට අපි සූදානම්.”
“අපි පුහුණුවීම් ඉතාමත් හොඳින් සිදුකළා. පන්දු යැවීම, පන්දුවට පහර හා පන්දු රැකීම යන සියලුම අංශ අපි හොඳින් පුහුණුවීම් සිදුකළා. මේ දේශගුණය තමා අපිට අභියෝගයක් තියෙන්නෙ. අපි කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කළහොත් මෙම තරඟය ජයග්‍රහණය කර තරඟාවලිය ජයගැනීමට හැකියාවක් තියනවා කියලා මම විශ්වාස කරනවා.”
පලමු එක්දින තරඟයෙන් පස්සේ නවසීලන්ත ක්‍රීඩකයින් ගණනාවක් අයි.පී.එල් ක්‍රීඩා කිරීම සඳහා යන බැවින්, එය ශ්‍රී ලංකාවට වාසියක් ද යන්න ඇන්ජලෝ මැතිව්ස්ගෙන් විමසූ විට, ඔහු ප්‍රකාශ කර සිටියේ නවසීලන්ත කන්ඩිශන් වලදී නවසීලන්ත කණ්ඩායමක් ලෙස ගත් විට ඔවුන් ගොඩාක් හොඳ කණ්ඩායමක් බවයි.
“එයාලගේ ගොඩක් හොඳ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් පලවෙනි තරඟයෙන් පස්සේ IPL ක්‍රීඩා කරන්න යනවා. අපි කිව්වා වගේ නවසීලන්තය කණ්ඩායම ගොඩාක් හොඳ කණ්ඩායමක්..ඔවුන්ට හොඳ පසුපෙල කණ්ඩායමක් සිටිනවා. ඒ විදිහට කිහිපදෙනෙක් කණ්ඩායමෙන් ගියත් ඒ අභියෝගය ඒ විදිහටම අපිට තිබෙනවා. මොකද, මේ කන්ඩිශන් ඔවුන්ට හොඳට හුරුපුරුදයි.”
වසර දෙකක් තිස්සේ එක්දින කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිට නැවත එක්දින කණ්ඩායමට ක්‍රීඩාකිරීමට හැකිවීම සම්බන්ධයෙන් මැතිව්ස් ගොඩාක් සතුටුවන බවත්, ඒ සඳහා සහය දැක්වූ සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් අවසාන වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියා.
“ගොඩාක් සතුටුයි මට තවමත් කණ්ඩායමට යම්කිසි දෙයක් ලබාදෙන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා. මට සපෝර්ට් කරපු සියලුම දෙනාටත් මම ස්තූතිවන්ත වෙනවා. මම ක්‍රීඩකයෙක් විදිහට හැමවෙලාවෙම මම කළේ මට පුලුවන් දේ, මට කන්ට්‍රෝල් කරන්න පුලුවන් සෑම තරඟයකම ලකුණු ලබාගැනීම. ඉතින් මම ඒ සිදුකළා. සුදු පන්දුවද රතු පන්දුවද කියලා නෑ. මට ලැබෙන ඕනෑම තරඟයක්දී ලකුණු ලබාගෙන කණ්ඩායම වෙනුවෙන් දෙයක් කිරීම තමා මගේ බලාපොරොත්තුව.”
මේ අතර කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් පැමිණීමත් සමඟින්, දනංජය ද සිල්වාට අංක 7 ස්ථානය දක්වා පිතිකරණ ස්ථානයේ පහළට යාමට සිදුවී ඇති අතර, නමුත් ඔහු එම ස්ථානය ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තාවෙනවා. ඒ අනුව ඔහු නොමැතිව අවසන් 11 දෙනා ඇතුළත් කණ්ඩායමක් ද නම් කර ඇති බවට නිව්ස් පළ කරන Sportify නම් Twitter account එකක සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, සඳහන් කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.
1) පැතුම් නිස්සංක
2) නුවනිඳු ප්‍රනාන්දු
3) කුසල් මෙන්ඩිස් – Wk
4) ඇන්ජලෝ මැතිව්ස්
5) චරිත් අසලංක
6) දසුන් ශානක
7) චාමික කරුණාරත්න
8) වනිඳු හසරංග
9) කසුන් රාජිත
10) ලහිරු කුමාර
10) ඩිල්ශාන් මදුශංක