වසර 11කට පසු තරුණ ක්‍රීඩකයින්ගෙන් සමත්විත ශ්‍රී ලංකා කණ්ඩායම නව වාර්ථාවක් පිහිටුවයි .

ශ්‍රී ලංකා – එංගලන්තය අතර විස්සයි විස්ස තරඟාවලියේ දෙවනි තරඟය ලෙස ඊයෙ (24) පැවතී තරඟයද එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර පලමු තරඟයද ජයග්‍රහණය කිරීම හේතුවෙන් තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

(Photo by David Davies/PA Images via Getty Images)

දෙවෙනි විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනාගෙන පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 111ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 39කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 39ක් රැස් කිරීමට සමත් වූ අතර නායක කුසල් පෙරේරා ලකුණු 21ක් ද, ඉසුරු උදාන නොදැවී ලකුණු 19ක්ද රැස් කිරීමට සමත් විය.

 (Photo by Gareth Copley/Getty Images)

ශ්‍රී ලංකාව මෙම ලබා ගත් ලකුණු 111, ඉතිහාස ගත වූයේ එංගලන්තය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර 2010 දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 128ක් ලබාගෙන ඇති අතර එම තරඟයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම රැස් කිරීමට සමත් වූයේ ඇන්ජලෝ මැතිවුස් වේ.

දෙරට අතර තුන්වන හා අවසන් විස්සයි විස්ස තරඟය ලබන 26 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර තරඟාවලිය මේ වන විටත් ශ්‍රී ලංකාව පරාජයට පත් වී තිබේ.

විස්සයි විස්ස තරඟාවලියෙන් අනතුරුව දෙරට අතර තරඟ 3කින් සමත්විය එක්දින තරඟාවලිය ලබන 29 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර ජූලි 04 වෙනිදා තරඟාවලිය අවසන් වීමට නියමිතයි.

 (Photo by David Davies/PA Images via Getty Images)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *