වසර 34ක් පැරණි ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුගේ වාර්ථාවක් නූලෙන් බේරුණ හැටි.

තරඟ 3කින් සමන්විත නවසීලන්ත – එංගලන්තය ටෙස්ට් තරඟාවලිය ඊයේ ආරම්භ වූ අතර පලමු පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 378ක් රැස් කිරීමට සමත් විය. මෙම තරඟයේදී 29 හැවිරිදි ඩෙවෝන් කොර්න්වේ ටෙස්ට් වරම් දිනාගැනීමට සමත් වූ අතර ඔහු විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් මංගල තරඟයේදීම ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත් විය. නවසීලන්තය පලමු ඉනිමේ 10වන කඩුල්ල ලෙස කොර්න්වේ දුවද්දී දැවී යන විට ඔහු පන්දු 347කදී හතරේ පහර 22ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 200ක් ලබා සිටියේය.

(Photo by Shaun Botterill/Getty Images)

කොර්න්වේගේ මෙම දැවී යාම නිසා මංගල ටෙස්ට් තරඟයේදී ඉනිමක වැඩිම ලකුණු ලබාගත් ආරම්භක පිතිකරුවාගේ වාර්ථාව තමන් සතු කරගැනීමට නොහැකි විය. එම වාර්ථාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් වන අතර ඔහු බ්‍රෙන්ඩන් කුරුප්පු වේ.

බ්‍රෙන්ඩන් කුරුප්පු 1987 දී නවසීලන්තය කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් අතර පලමු ඉනිමේදී නොදැවී ලකුණු 201ක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ මෙම ඉනිමට හහරේ පහර 24ක් ඇතුළත් වූ අතර ශ්‍රී ලංකාව පලමු ඉනිමට ලකුණු 397ක් රැස් කිරීමට සමත් විය. මෙම තරඟයේදී ශ්‍රී ලංකාව හා නවසීලන්තය එක් ඉනිම බැඟින් ක්‍රීඩා කළ අතර ඒ හේතුවෙන් ටෙස්ට් තරඟයක දින 5 තුළම පා ආවරණ දමාගෙන සිටි ලෝකයේ පලමු  ක්‍රීඩකයා වන්නෙත් බ්‍රෙන්ඩන් කුරුප්පු වේ.


ඊට අමතරව අද තරඟයේදී කොර්න්වේ විසින් ලබා ගත් ද්විත්ව ශතකය, එංගලන්තයේදී ක්‍රීඩකයෙක් මංගල තරඟයේදී ලබාගත් පලමු ද්විත්ව ශතකයයි. මෙම ද්විත්ව ශතකය ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේ ලබාගැනීමට සමත් වීමද විශේෂත්වයකි.

මංගල ටෙස්ට් තරඟයේදී ද්විත්ව ශතකයක් ලබාගත් දෙවන නවසීලන්තය ජාතිකයා වන අතර ලොව 7වන ක්‍රීඩකයා වීමටද කොර්න්වේ අද සමත් විය.

මංගල ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතක ලබාගෙන ඇති ක්‍රීඩකයින් 7 දෙනා.

1. Tip Foster (ENG) ලකුණු 287 යි.
2. Jacques Rudolph (SA) ලකුණු 222*
3. Mathew Sinclair (NZ) ලකුණු 214
4. Lawrence Rowe (WI) ලකුණු 214

5. Kyle Mayers (WI) ලකුණු 210*
6. Brendon Kuruppu (SL) ලකුණු 201*
7. Devon Conway (NZ) ලකුණු 200 

(Photo by Gareth Copley/Getty Images)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *