වාර්තාවක් අලුත් කරමින් Sydney Thunder කණ්ඩායම ලකුණු 15කට සීමාවෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) 2022 Big Bash ලීගයේ 5 වන තරඟය ලෙස පැවතී Adelaide Strikers කණ්ඩායම හා Sydney Thunder කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 124ක දැවැන්ත ජයක් ලබාගැනීමට Adelaide Strikers  කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Adelaide Strikers කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 139ක් ලබාගැනීමට සමත්විය..

Strikers ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Chris Lynn පන්දු 27කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව Colin de Grandhomme පන්දු 24කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබාගත් නමුත් අන්කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාවටවත් ලඟාවීමට නොහැකි විය.

 

 

පන්දු යැවීමේදී Fazalhaq Farooqi පන්දුවාර 4 අවසානයේදී ලකුණු 20කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වූ අතර, Gurinder Sandhu , Daniel Sams හා Brendan Doggett කඩුලු 2ක බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

අනතුරුව ලකුණු 140ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී Sydney Thunder කණ්ඩායමට පන්දුවාර 5.5ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 15ක් පමණයි.

Sydney Thunder ඉනිම වෙනුවෙන් වාර්ථාවූ වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ Brendan Doggett ලබාගත් ලකුණු 4 වේ. කිසිඳු ලකුණක් ලබාගැනීමට නොහැකිව ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවීමට Adelaide Strikers කණ්ඩායමේ පන්දුයවන්නන් සමත්විය.

 

 

මෙහිදී Sydney Thunder කණ්ඩායම ලබාගත් ලකුණු 15, ඉතිහාස ගත වූයේ, විස්සයි විස්ස තරඟයකදී කණ්ඩායමින් වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.  මීට පෙර විස්සයි විස්ස තරඟයකදී කණ්ඩායමක් ලබාගෙන තිබූ අඩුම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 21ක් වේ. එය තුර්කි කණ්ඩායම විසිනි.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Henry Thornton පන්දුවාර 2.5 අවසානයේදී ලකුණු 3කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Wes Agar ද පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 6කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වුණා. Matthew Short ලකුණු 5කට එක් කඩුල්ලක් ද බිඳ දැමීය.

 

 

Henry Thornton ගේ මෙම පන්දු යැවීම Big Bash තරඟාවලි ඉතිහාසයේ වාර්තා වූ 4 වෙනියට හොඳම පන්දු යැවීමයි. මේ වන විට Big Bash ලීග් පිටියේ හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 7කට කඩුලු 6ක් බිඳ දැමීමට සමත්වූ ලසිත් මාලිංග වේ.

බිග් බෑශ් පිටියේ වාර්තා වූ ඉනිමක හොඳම පන්දු යැවීම්,

 

1) ලසිත් මාලිංග – ලකුණු 7කට කඩුලු 6ක් බිඳ දැමීම. (2012 වර්ෂයේදී)

 

 

2) Ish Sodhi – ලකුණු 11කට කඩුලු 6ක් බිඳ දැමීම. (2017 වර්ෂයේදී)

 

 

3) රශීඩ් ඛාන් – ලකුණු 17කට කඩුලු 6ක් බිඳ දැමීම. (2022 වර්ෂයේදී)

 

 

4) Henry Thornton – ලකුණු 3කට කඩුලු 5ක් බිඳ දැමීම.(2022 වර්ෂයේදී*)

 

 

ඒ අනුව, Sydney Thunder කණ්ඩායම ලකුණු 15කට සීමා කරමින් Adelaide Strikers කණ්ඩායම මෙම තරඟය ලකුණු 124කින් ජයගත් අතර වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 3කට කඩුලු 5ක් බිඳ දැමී Henry Thornton වේ.

Strikers කණ්ඩායමේ බිඳ වැටුනු කඩුලු 10 වීඩියෝව මෙන්න

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *