වැටුප් කප්පාදුවෙන් පසුව ඇන්ජලෝ, දිමුත් සහ සුරංග ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරයි.
නව වසරේ ක්‍රීඩක වාර්ශික කොන්ත්‍රාත්තුව ඊයේ දිනයේ (14) නිකුත් කළ අතර කාණ්ඩ හතරක් යටතේ ක්‍රීඩකයින් වර්ගීකරණය කර තිබුණා. කාණ්ඩ A,B,C,D යටතේ වර්ගීකරණය කර තිබූ අතර එහිදී නිරෝශන් දික්වැල්ල හා දනන්ජය ද සිල්වා ඉහළම කොන්ත්‍රාත්තුව හිමි කාණ්ඩයට ඇතුළත් වී තිබුණා.
කාණ්ඩ A,B,C,D තවත් කාණ්ඩ 3කට බෙදා තිබූ අතර එක් එක් කාණ්ඩයට අයත් ක්‍රීඩකයින්ට වාර්ශිකව හිමිවන මුදල මෙසේයි.
කාණ්ඩ A1 – ඇමරිකානු ඩොලර් ලක්ශයයි.
කාණ්ඩ A2 – ඇමරිකානු ඩොලර් අසූදාහයි.
කාණ්ඩ A3 – ඇමරිකානු ඩොලර් හැත්තෑදහසයි.
කාණ්ඩ B1 – ඇමරිකානු ඩොලර් හැටපන්දහසයි.
කාණ්ඩ B2 – ඇමරිකානු ඩොලර් හැටදහසයි.
කාණ්ඩ B3 – ඇමරිකානු ඩොලර් පනස්පන්දහසයි.
කාණ්ඩ C1 – ඇමරිකානු ඩොලර් පනස්දාහසයි.
කාණ්ඩ C2 – ඇමරිකානු ඩොලර් හතළිස්පන්දහසයි.
කාණ්ඩ C3 – ඇමරිකානු ඩොලර් හතළිස්දහසයි.
කාණ්ඩ D1 – ඇමරිකානු ඩොලර් තිස්පන්දහසයි.
කාණ්ඩ D2 – ඇමරිකානු ඩොලර් තිස්දහසයි.
කාණ්ඩ D3 – ඇමරිකානු ඩොලර් විසිපන්දහසයි.
මෙම නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව මඟින් ගිය වසරේ ඇන්ජලෝ මැතිවුස් හට ලැබුණු මුදලින් 50,000USD ක මුදලක් මෙම වසරේ අහිමි වී තිබෙනවා. ගිය වසරේ මැතිවුස් හට 130,000USD හිමිවුණ අතර මෙම වසරේ හිමිවන්නේ 80,000USD කි.
මෙම වසරේ ටෙස්ට් පිටියේ හොඳින් දස්කම් දැක්වූ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හට ඇමරිකානු ඩොලර් 30,000ක වැටුප් කප්පාදුවක් සිදු වී ඇත. බංගලාදේශය කණ්ඩායමට එරෙහිව නිමා වූ ටෙස්ට් තරඟාවලියේ ඉනිම් තුනේදී ලකුණු 427ක් ලබා ගැනීමට සමත් වූ දිමුත් කරුණාරත්නට ගිය වසරේ ඇමරිකානු ඩොලර් 100,000ක් හිමි වූ අතර මෙම වසරේ ඔහුට හිමිවන්නේ ඇමරිකානු ඩොලර් 70,000ක් පමණයි.
හිටපු නායක සුරංග ලක්මාල් හට ගිය වසරේ දී ඇමරිකානු ඩොලර් 100,000ක් හිමි වූ අතර ඔහුට ද මෙම වසරේ හිමි වන්නේ ඇමරිකානු ඩොලර් 65,000ක් පමණි. කෙසේ නමුත් මෙම වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්ත ක්‍රිකට් වරම් දිනාගත් පැතුම් නිස්සංක හට ඇමරිකානු ඩොලර් 55,000ක් හිමිවනු ඇත.
සීමිත පන්දුවාර තරඟ වල කණ්ඩායමේ ස්තිර ක්‍රීඩකයෙක් වන දනුශ්ක ගුණතිලක හට ලැබෙනුයේ ඇමරිකානු ඩොලර් 30,000ක් වැනි සුළු මුදලකි.
මෙම සැලකිය යුතු අගයකින් වැටුප් කප්පාදුව හේතුවෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් , සුරංග ලක්මාල් හා වත්මත් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්ථාවෙයි.