“වැටුප් කප්පාදුව නිසා ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රාතාවයට බලපෑමක් වෙලා” කතාවේ ඇත්ත නැත්ත.
ශ්‍රී ලංකා – බංගලාදේශය අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය මේ වන විටත් තරඟ 2/0ක් ලෙස තවත් එක් තරඟයක් තිබියදී තරගාවලිය ජයග්‍රහණය කිරීමට බංගලාදේශය කණ්ඩායම වී තිබෙනවා.

දෙවෙනි එක්දින තරඟය පරාජය වීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවකදී නව නායක කුසල් ජනිත් පෙරේරා විසින් තරඟ පරාජය වීමට හේතුව, ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුව නිසා ඔවුන්ට මානසිකව බලපෑමක් වෙලා ලෙස පවසා ඇති බව ෆේස්බුක් සමාජ ජාලයේ කතාබහට ලක් වී තිබෙනවා.
එම කතාවේ කිසිඳු සත්‍ය බාවයක් නැති අතර, තරඟාවලිය ආරම්භ වීමෙන් පසුව මේ වන තෙක් ක්‍රීඩකයින් සමඟ කිසිඳු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය අංශයේ ප්‍රධානී සඳහන් කර ඇත.
තරඟාවලියේ ආරම්භයට පෙර Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවේ දී කුසල් ජනිත් පෙරේරා විසින් ප්‍රකාශයක් යොදා ගනිමින් ක්‍රීඩකයින් විවේචනය කිරීම සඳහා මෙලෙස ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කර ඇති බවට වාර්ථා වෙනවා.
තරඟාවලියට පෙර කුසල් ජනිත් පෙරේරා විසින් ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන් ඇවිත් තිබෙන්නේ තරඟාවලියක් ක්‍රීඩා කිරීමට බවත්, කොන්ත්‍රාත්තුව පිලිඹඳව මේ වෙලාවේ කිසිවක් කතා නොකරන බවයි.
“අපි හැමෝම ඇවිල්ලා ඉන්නේ තරඟාවලියක් ක්‍රීඩා කරන්න වගේම තරඟාවලිය ජයග්‍රහණය කරන්න. මේ වෙලාවේ කොන්ත්‍රාත්තුව පිළිඹඳව කතා කිරීමට සුදුසු නැහැ. කොන්ත්‍රාත් ගැටලුව සම්බන්ධයෙන් ක්‍රීඩකයින් තරඟාවලිය අවසන් වීමෙන් පසු ලංකාවට පැමිණ අදාල අය සමඟ සාකච්ඡා කර විසඳ ගනීවි.” ලෙස කුසල් ජනිත් පෙරේරා ප්‍රකාශ කර ඇත.