විජයකාන්ත් වියස්කාන්ත්ගෙන් විශිෂ්ඨ පන්දු යැවීම්ක්. (සම්පූර්ණ විස්තරය මෙන්න)
(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තුන්වන තරඟය ලෙස පැවතී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා දඹුල්ල අවුරා කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට තිසරගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත්වුණා..
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල නායක දසුන් ශානක පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 121ක් පමණයි.
දඹුල්ල ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Jordan Cox පන්දු 22කදී හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් 43ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව Shevon Daniel පන්දු 26කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 19ක් හා භානුක රාජපක්ෂ පන්දු 17කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබාගැනීමට සමත්විය.. නායක දසුන් ශානක හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 6ක් පමණයි.
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ විජයකාන්ත් වියස්කාන්ත් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 24කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.
ඊට අමතරව, මහීශ් තීක්ශනද පන්දුවාර 4 අවසානයේදී ලකුණු 20කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, James Fuller ලකුණු 16කට කඩුලු 2ක් හා Zaman Khan ලකුණු 28කට එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත්විය.
අනතුරුව ලකුණු 122ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 15.4ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 122ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයගැනීමට සමත්වුණා.
ජැෆ්නා කින්ග්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම පන්දු 44කට මුහුණදෙමින් හතරේ පහර 7ක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ද අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වු අතර ඔහු පන්දු 49කදි හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 51 ද ලබාගැනීමට සමත්විය.
ජැෆ්නා කින්ග්ස් ඉනිමේ බිඳ වැටුනු එකම කඩුල්ල දවාගැනීමට හැකිවූයේ Noor Ahmed වේ.
ඒ අනුව, ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම තරඟාවලියේ ක්‍රීඩා කළ දෙවන තරඟයත් ජයගැනීමට සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ නොදැවී අර්ධ ශතකයක් ලබාගත් සදීර සමරවික්‍රම වේ.
විජයකාන්ත් වියස්කාන්ත් හා මහීශ් තීක්ශන ලබාගත් කඩුලු වීඩියෝව මෙන්න.
— Stay Cricket (@staycricket) December 7, 2022
— Stay Cricket (@staycricket) December 7, 2022