විනය විරෝධී ලෙස හැසිරිණු ක්‍රීඩකයින් තිදෙනාට අපූරු දඩුවමක්.
එංගලන්ත ක‍්‍රිකට් තරග සංචාරය අතරතුර රාතී‍්‍ර වීදි
සංචාරය කරමින් විනය විරෝධී ලෙස හැසුරුණු බවට චෝදනා ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල තරඟ තහනමකට ලක් කර ඊයේ දිනයේ (29) ශ්‍රී ලංකාවට ගෙන්වූ අතර ඔහුන්ව නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙලෙස නිරෝධායන සඳහා යොමු කළ ක්‍රීඩකයින් තිදෙනාට වෙනදා මෙන් නොව මෙවර පහසුමක් අවම නවාතැන් ස්ථානයක් ලබා දී නිරෝධායන සඳහා යොමු කර ඇති බව ද වාර්ථා වෙනවා.
වෙනදා මෙන් ව්‍යාපාරික පංතිය ලබා දී නොතිබූ අතර වෙනත් විශේෂ පහසුකම් ද ලබා නොදී තිබීම විශේෂත්වයක්.