විනය විරෝධී ලෙස හැසිරුණු ක්‍රීඩකයින් තිදෙනාට දීර්ඝ තරඟ තහනමක් පැනවෙන ලකුණු.
ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ සංචාරය අතර තුරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු දනුශ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් ජෛව බුබුල බිඳ දමා මධ්‍යම රාත්‍රියේදී වීදි සංචාරයේ යෙදුන වීඩියො පටයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාණය වුණා.
මේ හේතුවෙන් එංගලන්තය සමඟ සංචාරයේ ඉතිරි තරඟ එම ක්‍රීඩකයින් තිදෙනාට තහනම් කර හැකි ඉක්මනින් යළි ශ්‍රී ලංකාවට කැඳවන බව අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් දැනුම් දී තිබෙනවා.
මෙලෙස ක්‍රීඩකයින් තිදෙනා කොවිඩ් නීති උල්ලංඝනය කරම්න් වීදි සංචාරයේ යෙදීම හේතුවෙන් ඔහුන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා පවසා තිබෙනවා.
තරඟ අත්හිටවූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුෂ්ක ගුණතිලක එක්සත් රාජධානියේ සිට ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොළඹ දී විනය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් ඔහුන්ට මාස 3ක සිට අවුරුද්දක කාලයක් දක්වා ක්‍රිකට් තහනමකට ලක් වීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙක් විසින් පවසා ඇත.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා පළ කර තිබු ට්විටර් සටහන.
Opportunity & time can be invested into youngsters to represent the country, in an attempt to revive #Srilanka cricket. However, playing with a lack of intent & poor discipline should not be tolerated. @OfficialSLC must take strict action against players who violate these rules!
— Namal Rajapaksa (@RajapaksaNamal) June 28, 2021