විරාට් කෝලි 71 වන ජාත්‍යන්තර ශතකය ලබාගැනීමට සමත්වෙයි.

(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) 2022 ආසියානු කුසලාන තරඟාවලියේ 11 වන තරඟය ලෙස පැවතී ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව අතර තරඟයෙන් ලකුණු 101ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඉන්දියා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානය පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 212ක් ලබාගැනීමට සමත්විය.

ඉන්දියා ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ හිටපු නායක විරාට් කෝලි පන්දු 61කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 122* ලබාගැනීමට සමත්වුණා.

විරාට් කෝලිගේ මෙම ශතකය, ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 71 වන ශතකය වන අතර, වසර තුනකට අධික කාලයකට පසු ලබාගත් පලමු ශතකය වේ.

ඊට අමතරව, ආරම්භක පිතිකරු ලෝකේෂ් ද අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 41කදී හතරේ පහර 6 හා හයේ පහර 2 සමඟින් ලකුණු 62ක් ලබාගැනීමට සමත්විය. තවද, රිශාබ් පාන්ට් පන්දු 16කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු නොදැවී ලකුණු 20ක් ද ලබාගැනීමට සමත්වුණා.

ඉන්දියා ඉනිමේ දැවීගිය කඩුලු දෙක ලබාගනීමට හැකිවූයේ Fareed Ahmad වේ. ඔහු පන්දුවාර 4 අවසානයේදී ලකුණු 57කට කඩුලු 2ක් බිඳ දැමීය.

ඉන් අනතුරුව ලකුණු 213ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 111ක් පමණයි.

ඇෆ්ගනිස්තාන් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු වූ Ibrahim Zadran අර්ධ ශතකයක් රැස්කර ගත් අතර ඔහු පන්දු 64කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබාගැනීමට සමත්විය.

ඊට අමතරව Mujeeb Ur Rahman පන්දු 13කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 18ක් හා රශීඩ් ඛාන් පන්දු 19කදී ලකුණු 15ක් ලබාගත් නමුත් අන් කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 5 සීමාවටවත් ලඟා වීමට නොහැකි විය.

පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 4කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Arshdeep , Ravichandran Ashwin , හා Deepak Hooda අතරේ එක් කඩුල්ල බැඟින්ද බෙදීගියා.

ඒ අනුව, ඇෆ්ගනිස්තාන් කණ්ඩායම ලකුණු 101කින් පරාජයට පත්කරමින් ඉන්දියා කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබාගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූවේ වේගවත් ශතකයක් ලබාගත් විරාට් කෝලි වේ.

විරාට් කෝලිගේ ඉනිම, බුවනේෂ්වර් කුමාර්ගේ පන්දු යැවීම ඇතුළුව සම්පූර්ණ තරඟයේ Highlights (Video) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *