විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව පාසල් සිසුන් වගේ – රමීශ් රාජා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවතී පලමු එක්දින තරඟය කඩුලු 7කින් පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වඩා වඩා තුන් ඉරියව්වෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් එම තරගයේ දී බොහෝ සෙයින් ඉදිරියෙන් පසු වූ බව දක්නට ලැබුණා.

මේ අතර හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක සහ විචාරක රමීස් රාජා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරගය විශ්ලේෂණය කරමින් එය විශ්ව විද්‍යාලයක් සහ පාසල් කණ්ඩායමක් අතර පැවතී තරඟයක් ලෙස හැඳින්වීය. එහිදී ඉන්දියානුවන් විශ්ව විද්‍යාල ක්‍රීඩකයින් මෙන් ශක්තිමත් ලෙස පෙනී සිටි බව ප්‍රකාශ කර ඇත

රමීස් රාජාගේ සම්පූර්ණ ප්‍රකාශය.

ඉන්දියාවට එදිරිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ විශ්ව විද්‍යාල කණ්ඩායමකට එදිරිව පාසල් කණ්ඩායමක තරඟයක් මෙන් පෙනුනි.  කුසලතා, ක්‍රියාත්මක කිරීම, දක්ෂතාවය සහ ක්‍රීඩාව තේරුම් ගැනීමේ හැකියාව අතර වෙනස එයයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මෙය ඉතා අභියෝගාත්මක අවස්ථාවකි.  ඔවුන් ඉන්දියාවට එරෙහි තරගමාලාවේ පිතිකරුවන්ට යෝග්‍ය පැතලි තනතීරුවක් නිර්මාණය කළ ද ඔහුන් ලබා ගත්තේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය, පෙනුනේ ඔවුන් දඟ පන්දු යවන්නන්ට පහර දෙන්න දන්නේ නැති බවයි. ඓතිහාසික වශයෙන්, ශ්‍රී ලංකා පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට හොඳින් පහර දුන් අතර වර්තමානයේදී එම මට්ටමේ පවතින බවක් නොපෙනේ.

ශ්‍රී ලංකා පලමු තරඟයේදී හොඳ ආරම්භයක් ලබා ගත්තද පසුව ඔවුන් ව්‍යාකූලත්වයට පත් විය. තරඟය වෙනස් කර කර පිතිකරණයේ යෙදෙන්නේ කෙසේදැයි ඔවුන්ට තේරුම් ගත නොහැක. මෙම ව්‍යාකූලත්වය ඇති කළේ ඉන්දියාවේ කැපී පෙනෙන පන්දු යැවීමෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *