විශිෂ්ට ශතක හතරක් සමඟින් ගාල්ල – දඹුල්ල අතර තරඟය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වෙයි.
National Super League Provincial 4-Day තරඟාවලියේ 5 වන තරඟය ලෙස පැවතී දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර තරඟය ජය – පාරාජයෙන් තොරව නිමාවට පත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගත් දඹුල්ල කණ්ඩායමේ නායක මිනෝද් භානුක පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පලමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබාගැනීමට සමත්විය.
දඹුල්ල කණ්ඩායමේ පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක මිනෝද් භානුක විශිෂ්ට ශතකයක් රැස්කළ අතර ඔහු පන්දු 213කට මුහුණදෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 163ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ආරම්භක පිතිකරු නිමේශ ගුණසිංහ පන්දු 221කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 103ක් ලබාගත් අතර, ලහිරු සමරකෝන් පන්දු 34කදී ලකුණු 37ක් හා පවන්ත වීරසිංහ පන්දු 46කදී ලකුණු 29ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී, විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් චානක රුවන්සිරි ලකුණු 62කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වූ අතර, අකිල ධනංජය ද ලකුණු 98කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව නිමේශ් විමුක්ති ද එක් කඩුල්ල බිඳ දැමීය.
අනතුරුව ගාල්ල කණ්ඩායම තම පලමු ඉනිම ආරම්භ කළ අතර ඔවුන් සිය පලමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 513ක් ලබාගැනීමට සමත්විය.
කොළඹ පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ හේශාන් දුමිඳු පන්දු 375කදී හතරේ පහර 17ක් සමඟින් ලකුණු 167ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නායක දනංජය ලක්ශාන් පන්දු 196කදී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 119ක් ලබාගත් අතර විශාද් රන්දික පන්දු 103කදී ලකුණු 51ක් හා සුමින්ද ලක්ශාන් පන්දු 63කදී ලකුණු 63ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී ශඹුල්ල කණ්ඩායමේ ලහිරු සමරකෝන් ලකුණු 52කට කඩුලු 4ක් දවාගත් අතර, අශාන් ප්‍රියංජන් ලකුණු 84කදී කඩුලු 3ක් හා, මලින්ද පුශ්පකුමාර, දුශාන් හේමන්ත , නිමේශ ගුණසිංහ අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
පලමු ඉනිමේදී ලකුණු 95ක් පිටුපසින් සිට දඹුල්ල කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භක කළ අතර ඔවුන් දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 7කදී ලකුණු 300ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවනු ලැබීය.
දඹුල්ල දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පවන්ත වීරසිංහ පන්දු 95කදී හතරේ පහර 8ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව නායක මිනෝද් භානුක පන්දු 63කදී හතරේ පහර 4 සමඟින් ලකුණු 49ක් ලබාගත් අතර චමිදු විජේසිංහ පන්දු 39කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් හා අශාන් ප්‍රියංජන් පන්දු 81කදී ලකුණු 37ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 66කදී කඩුලු දෙකක් දවාගත් අතර, නිමේශ් විමුක්ති , චානක රුවන්සිරි ද කඩුලු 2 බැඟින් හා සුමින්ද ලක්ශාන් ද එක් කඩුල්ල බිඳ දැමීමට සමත්විය.
අනතුරුව ලකුණු 206ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී ගාල්ල කණ්ඩායමට නියමිත කාලය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 80ක් පමණි.
තරඟය අවසන් වන විට කඩුල්ලේ රැඳී සිටි Sangeeth Cooray පන්දු 60කදී හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 47ක් හා දනංජය ලක්ශාන් නොදැවී ලකුණු 15ක් ලබාගෙන සිටියා.
ගාල්ල කණ්ඩායමේ දෙවන ඉනිමේ බිඳ වැටුනු කඩුලු දෙක, Pawantha Weerasinghe හා දුශාන් හේමන්ත අතරේ බෙදීගියා.
ඒ අනුව, තරඟාවලියේ 5 වන තරඟය ලෙස පැවතී මෙම තරඟය ජය පැරදුමෙන් තොරව නිමා වූ අතර මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ගාල්ල කණ්ඩායම තුන්වන ස්ථානයත්, දඹුල්ල කණ්ඩායම අංක 5 ස්ථානයෙත් රැඳී සිටිනවා.