විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් හා දනුශ්ක ගුණතිලක විස්සයි විස්ස තරඟ වලදී අපිට අවශ්‍ය වෙලා තිබුණා.

විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ සියල්ලම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට තේරීපත් වුණ අතර, නිමා වූ තරඟ වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මහතා එම කාලය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහු විසින් කළ සේවය මාධ්‍යට අදහස් පළකළ සිටියා. (Thepapare වෙබ් අඩවියෙන් උපුටාගත්තකි), (Whatsapp group එකට Join වෙන්න. Link එක පහළ)

 

 

• අසාර්ථක වීමට ඇති බිය.

 

මහේල ජයවර්ධන කණ්ඩායම සමඟින් එක් වූ පසු ශ්‍රී ලංකාව පිට පිට තරඟ 7ක් (ඕමානය සමඟ විස්සයි විස්ස තරඟ දෙක, පුහුණු තරඟ දෙක හා මූලික වටයේ පැවතී තරඟ 3) ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා.

 

 

මගෙ මූලික අරමුණ වුනේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ වගකීම හඳුන්වලා දෙන්න. මම පුහුණුකරුවන් එක්ක ලතා කළාම මම දැක්ක දෙයක් තමයි ක්‍රීඩකයින් අසාර්ථක වෙන්න යම් බයකින් ඉන්නවා කියන එක. විස්සයි විස්ස තරඟ රටාවේදී එහෙම බැහැ. එහෙම වුනොත් සමහර අවස්ථාවලදී පීඩනය දරා ගන්න එක සහ පීඩනය ප්‍රතිවාදීන්ට එල්ල කරන එක අමාරු දෙයක් වෙනවා. අපි මේ ගැන ක්‍රීඩකයින් එක්ක වෙන වෙනම කතා කරා. විශේෂයෙන්ම අපේ පිතිකරණය පැත්තෙන් හදාගන්න ගොඩක් දේවල් තියන නිසා පිතිකරණය ගැන අපි ලොකු අවධානයක් යොමු කළා.

 

 

• දත්ත විශ්ලේෂණය

 

මහේල ජයවර්ධන කණ්ඩායම සමඟින් එක් වූ පසු ආරම්භ පිතිකරණයේ යෙදී සිටි අවිශ්ක ප්‍රනාන්දු නොම්බර 4 ස්ථානයේ පිතිකරණයේ යෙදවීමට තීරණය කළ අතර, නොම්බර 3 ස්ථානයේ ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ නොම්බර 5 ස්ථානයට පත්කරනු ලැබුවා.

 

“විස්සයි විස්ස තරඟ වලට දායකත්වයක් ලබා දුන්න කුසල් මෙන්ඩිස් හා දනුශ්ක ගුණතිලක යන දෙන්නව විශේෂයෙන්ම මෙතනට අවශ්‍ය වෙලා තිබුණා. නමුත් ඔවුන් දෙන්නා කණ්ඩායමෙන් ඉවත් වුනාට පස්සේ කණ්ඩායමට යම් බලපෑමක් වුණා. අපිට මැද එළ ශක්තියක් එක් කරන්න අවශ්‍ය වුණා. ආරම්භක පිතිකරුවන් පමණක් හොඳ වෙලා මේ වගේ තරඟාවලියකට යන්න බැහැ. මේ ප්‍රශ්නය විසඳන්න අපිට ඕන වුනා අවිශ්කගෙන් යම් ප්‍රයෝජනයක් ගන්න. අපි දැක්කා අවිශ්ක මුල් පෙළ පිතිකරුවෙක් විදිහට අසාර්ථක වුණා. අපිට ඕන වුණා ඒක නැති කරන්න. අපි ඔහුගේ දත්ත දිහා බැලුවම දැක්කා ඔහු සමහර පන්දු යවන්නන් හමුවේ සාර්ථක වෙලා තියනවා.

 

 

අයර්ලන්තය සමඟ පැවතී තරඟයේදී ශ්‍රී ලංකාවේ කඩුලු 3ක් ලකුණු 8ක් තුළ බිඳ වැටුන අතර, ඉන් පසු නොම්බර 5 පිතිකරු ලෙස වනිඳු හසරංග පැමිණෙමින් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ අතර ඔහු පන්දු 47කදී ලකුණු 71ක් වාර්ථා කිරීමට සමත් වූ අතර මේ සම්බන්ධයෙන් මහේල දැක්වූ අදහස,

 

 

“විස්සයි විස්ස තරඟවලදී පන්දුවාර කිහිපයකින් තරඟයක් වෙනස් කරන්න පුලුවන්. සමහරවිට ඒක පන්දු 4,5කින් වුනත් වෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට මේ තරඟේදී පවර්ප්ලේ පන්දුවාර වල 6 වෙනි පන්දුවාරයේ දී Simi Singh ගේ පන්දුවාරයට වනිඳු හසරංග පිට පිට හතරේ පහරවල් ලබාගෙන අපේ ලකුණු පුවරුව ඉහල දැමුවා. අපිට අවශ්‍ය වෙලා තිබුණේ අපිට තිබුණ පීඩනය ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දෙන්න. වනිඳුට තියන හැකියාව ගැන අපි දැනගෙන සිටියා. පවර්ප්ලේ එකේදි දඟපන්දු යවන්නෙක් යොදාගෙන අයර්ලන්ත කණ්ඩායමත් යම් වැරැද්දක් කරා. වනිඳු ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්තා. විස්සයි විස්ස තරඟයක අපිට ඒ වගේ තත්ව පාලනය කරන්න පුලුවන් වෙන්න ඕනේ. පුහුණුකරුවන් විදිහට අපි උත්සහ කඑඅන්න ඕනේ ඒ වගේ තත්ත්ව වලට ක්‍රීඩකයින් සූදානම් කරන්න.”

 

 

• පන්දු යවන්නන්

 

“මම හැමවෙලේම විශ්වාස කරන දෙයක් තමයි තරගාවලි ජයග්‍රහණය කරන්නේ පන්දු යවන්නන් කියන එක. ඒ හින්දා මේ වගේ ප්‍රයෝජන තියන පන්දු යවන්නන් ඉන්න එක ගොඩක් වටිනවා. විශේෂයෙන් හොඳ පිතිකරණ ලැයිස්තුවක් නවත්වන්න තියන එකම ක්‍රමය කඩුලු ලබා ගැනීම. අපිට වේගපන්දුවෙන් හෝ දඟපන්දුවෙන් ඒ හැකියාව තියෙන්න ඕනේ. මම තරගාවලියට කලින් වාස් එක්ක කතා කළා. ඔහු එහි දී කිව්වා ලහිරු කුමාර ලබාගෙන තියන ප්‍රගතිය ගැන සතුටක් තියනවා කියලා. විශේෂයෙන් යෝකර් පන්දුව ගැන.

 

 

ඒ වගේම දුශ්මන්ත චමීර පසුගිය මාස 12 තුළ ලොකු ගමනක් ඇවිල්ලා තියනවා. දක්ෂතාවය අතින් ඔහු ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න ප්‍රබලතම ක්‍රීඩකයෙක්. අපිට මේ වගේ තරුණ ක්‍රීඩකයන් දියුණු කරන්න පුළුවන් නම් අපිට කණ්ඩායම ගැන විශ්වාසයක් ඇතිවෙනවා. මේ තරග කීපයේ දී පන්දුවාර 20 තුල දී ම ප්‍රතිවාදී කණ්ඩායමට අභියෝගයක් එල්ල කරන්න අපිට පුළුවන් වුනා. විශේෂයෙන් චාමික කරුණාරත්න හොඳින් පන්දු යැවුවා. අපි ඔහුට වගකීම් කීපයක් දීලා තියෙන්නේ. ඔහු ලොකු බලපෑමක් කරනවා.”

 

 

දසුන් ශානකගේ නායකත්වය.

 

“මම හිතන්නේ දසුන්ට හොඳට තත්ව පාලනය කරන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕනේ ඔහු තරුණ සහ අත්දැකීම් අඩු නායකයෙක්. ඔහුට ලොකු සහයක් දෙන්න ඕනේ. මේ නිසා අපි කණ්ඩායම ඇතුළේ නායකත්ව කණ්ඩායමක් හැදුවා. තරගයේ දී ඔහුට අවශ්‍ය සහය ලබා දෙන්න ඔවුන් කටයුතු කරනවා. තරගයක සැලසුම් මතක තියාගන්න එක අමාරු දෙයක්. මේ කණ්ඩායම ඔහුට ඒකට උදව් කරාවි. ඒකෙන් ඔහුට යම් විශ්වාසයක් ලැබෙනවා. ප්‍රතිවාදීන්ට වෙනස් සැලසුම් තියෙන්න පුළුවන්. ඒ වගේම පිතිකරුවන් එක් එක් පන්දු යවන්නාට වෙනම සැලසුම් හදන්න පුළුවන්. ඒක අපේ සැලසුම්වල නැති එකක් වෙන්න පුළුවන්.

 

 

ඒ වගේ වෙලාවක දී තමයි දසුන් නායකයෙක් විදිහට පරිණත වෙන්න ඕනේ. අපි මේ ගැන ඔහුත් එක්ක දිගටම කතා කරනවා. ඔහු දවසින් දවස ගොඩක් දියුණු වෙනවා.“ මහේල පවසා සිටියා.

 

Whatsapp group එකට Join වෙන්න. (Click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *