විස්සයි විස්ස නායකත්වය ලසිත් මාලිංගට හිමි විය යුතුයි – තිලාන් තුශාර

තිලාන් තුශාර සමඟ හරි ටීවී යූටියුබ් නාළිකාවේ පැවතී සාකච්ඡාවකදී වර්ථාමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල සිදුවී ඇති පසුබෑම හා ඔහුත් සමඟ සම වයසේ ක්‍රීඩා කළ ලසිත් මාලිංග සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්න සඳහා අදහස් දැක්වූවා..

(screen shot – Hari Tv Voice)

තේරීම් කමිටු සභාපති විසින් මාලිංග හට නැවතත් කණ්ඩායම සමඟ එක් වීමය අවශ්‍යනම් යෝග්‍යතා පරීක්ශනය සමත් වී ක්ලබ් ක්‍රිකට් සෙල්ලම් කර දක්ශතා අතරට පැමිණීමට අවශ්‍ය බව ලසිත් මාලිංග හට පවසා ඇති අතර තිලාන් තුශාර පවසන්නේ ලසිත් මාලිංග කියන්නේ එසේ ක්ලබ් ක්‍රිකට් සෙල්ලම් කර කණ්ඩායමට එක්විය යුතු ක්‍රීඩකයෙක් නොවන බවත් ඔහුට ඇති අත්දැකීම් සමඟ සැසඳීමට තරම් එක් ක්‍රීඩකයෙක්වත් දැනට ශ්‍රී ලංකාවේ නැති බවයි.


“ලසිත් මාලිංගට කියලා තියනවා ආයේ කණ්ඩායමට එකතු වෙන්නනම් 2KM යෝග්‍යතා පරීක්ශනය සමත් වෙලා ක්ලබ් මැච් වල හොඳින් දක්ශතා දක්වන්න ඕනේ කියලා. ලසිත් මාලිංග කියන්නේ ක්ලබ් මැච් ගහලා එන්න ඕන කෙනෙක් නෙමේ. මාලිංග නිකන් අතකරකවලා බෝල් දැම්මත් විකට් ගන්න පුලුවන් කෙනෙක්. ලසිත් මාලිංග අනිවාර්යයෙන්ම ලෝක කුසලානය ක්‍රීඩා කරන්න ඕනේ.”

“ඒ දවස්වල ඉදන් මම හිතන්නේ ලසිත් මාලිංග විස්සයි විස්ස නායකයා වෙන්න ඕනේ කියලා. ඔහු සමහර වෙලාවට තෝරන ක්‍රීඩකයෝ ගැන විතරයි ප්‍රශ්නයකට තිබුණේ. මාලිංගගේ තියන ඇත්දැකීම්,  දක්ශතාවය, ලෝකේ වටේ පෙන්නලා තියන දේවල් එක්ක බැලුවාම, මේ ලංකාවේ ඔහුට සම කරන්න කවුරුත් නෑ. අපිට තාමත් අන්තිම ඕවර් ටික හොඳට දාන්න කවුරුත් නෑ. අපිට ඕනේ මැච් දිනන්න. අවුරුදු දෙක තුන ප්ලෑන් ගගහා ඉන්න නෙමේනෙ.”


ඒ කාලේ ඉදන් අවුරුදු දෙක තුන ප්ලෑන් ගගහා ඉන්න තේරීම් කමිටු වල ඉන්න අය, තරඟාවලි දෙක තුනක් පරාද වෙන කොට මිනිස්සු දාල එන ප්‍රෙශර් එකයි, මාධ්‍යයෙන් එන ප්‍රෙශර් එකයි නිසා හැමෝම ගෙදර නවතිනවා. ආයේ අලුත් කට්ටියක් ආවත් කරන්නේ ඔය ටිකම තමා. කවදාවත් ක්‍රිකට් හැදෙන්නේ නැහැ.”

“ක්‍රිකට් හදන්න බාරගෙන තියන කමිටු වල අපිට වඩා හොඳට ක්‍රිකට් ගහපු අය ඉන්නවා. ඒගොල්ලෝ දැනගන්න ඕනේ හොඳ ප්ලේයස්ලා හදන්නේ කොහොමද කියලා. හැමදාම සින්ගල් එකෙන් මැච් දිනන්න බෑ. ඉස්සරම පලවෙනි ඕවර් 10ට 15ටම ගහන්නේ ලකුණු 20යි 25යි. ඊට පස්සේ සනා අයියයි කලූ අයියත් ආවට පස්සේ ඕවර් 10 වෙන කොට ලකුණු 100ක් විතර ගහලා. ඒ කට්ටිය හරිම ක්‍රිකට් ලෝකෙටම උගන්වලා දුන්නා. නමුත් දැන් අනිත් කණ්ඩායම් තමයි ඒ විදියට සෙල්ලම් කරන්නේ. දැන් පලවෙනි ඕවර් 10 ඉදන් 40 වෙනකන් යාර 30 රේඛාවෙන් එළියේ ක්‍රීඩකයින් හතර දෙනායි දෙනයි ඉන්නේ. 40 ඉදන් 50 වෙනකන් ක්‍රීඩකයින් 5යි. දැන් හැමොම ප්ලෑන් කරන්නේ 10 ඉදන් 40 වෙනකන් කොහොමද ගහන්නේ කියලා. නමුත් අපේ අය ඕවර් 10 ඉදන් 40 වෙනකන් සින්ගල් එකෙන් ලකුණු ගහන්න බලාගෙන ඉන්නවා. පන්දු රකින්නන් 5 දෙනෙක් ලඟ ඉන්නවා කොහොමද එක ලකුණ ගහන්නේ. අනිවාර්යයෙන්ම මැද පෙළ සෙල්ලම් කරන්න ඕනේ අඩුම එක පන්දුවාරයකට හතරක් හෝ හයේ පහරක් ගහන්න පුලුවන් ක්‍රීඩකයින්.”


දැනට ශ්‍රී ලංකාවේ ටෙස්ට් , එක්දින , විස්සයි විස්ස තරඟ වලදී නායකත්වය හිමි විය යුතු ක්‍රීඩකයින් කවුරුන්දැයි අසන ලද ප්‍රශ්නයකට තිලාන් තුශාර අදහස් දැක්වූයේ ටෙස්ට් ,එක්දින නායකත්වය දිමුත් කරුණාරත්නට හා විස්සයි විස්ස නායකත්වය දසුන් ශානකට ලබා දිය යුතු බවයි.

“ටෙස්ට් හා එක්දින තරඟවලනම් නායකත්වය දිමුත් කරුණාරත්නට දෙන්න ඕනේ. ඔහුට හොඳ දැනුමක් තියනවා. විස්සයි විස්ස නම් ලසිත් මාලිංග තමයි. මාලිංග ගියාට පස්සේ දසුන් ශානක ඉන්නවා. දැන් වෙලා තියෙන්නේ සංචිතයට ඉන්නවා ක්‍රීඩකයින් 24 දෙනෙක්. ඉතින් ක්‍රීඩකයින් දන්නවා තමන්ට මැච් දෙකක විතර හොඳින් ක්‍රීඩා කරන්න බැරි වුන ගමන් කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදුවෙනවා කියලා. ඉතින් දැන් හැමෝම ගහන්නේ දෙගෙඩියාවෙන්. ඉන්දියාවේ වගේ එහෙම තිබුනට කමක් නෑ. මොකද ඉන්දියාවේ එහෙම ප්ලේයර් කෙනෙක් කණ්ඩායමෙන් ඉවත් කරොත් ආයේ එන කෙනා හොඳට සෙල්ලම් කරනවා. ඔහුන් ඕන තරම් හොඳ ක්‍රීඩකයෝ හදාගෙන ඉන්නේ. ඒත් ලංකාවේ එහෙම ක්‍රීඩකයින් තාම නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *