විස්සයි විස්ස පිටියේ අංක එකේ පන්දු යවන්නාගේ ස්ථානය වනිඳු හසරංගට අහිමි වෙයි.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ සිටි වනිඳු හසරංගට නවතම ශ්‍රේණිගත කිරීම අනුව එම ස්ථානය අහිමි වී තිබෙනවා.

 

මේ වන විට පැවැත්වන ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියේදී පලමු තරඟ දෙකේදී කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වූ වනිඳු හසරංග, කොවිඩ් 19 වෛරස ආසාදනය වීම හේතුවෙන් තුන්වන විස්සයි විස්ස තරඟය ක්‍රීඩාකිරීමට නොහැකි වුණා.

ඒ අනුව අද දින (16) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ සිටි වනිඳු හසරංග අංක තුන ස්ථානය දක්වා පහළ බැස තිබෙන අතර, අංක දෙක ස්ථානයේ සිටි Tabraiz Shamsi අංක 1 ස්ථානයට පත්වී තිබෙනවා.

 

Tabraiz Shamsi මේ වන විට ප්‍රසාද ලකුණු 784ක් ලබාගෙන ඇති අතර, වනිඳු හසරංගට හිමිවී ඇත්තේ ප්‍රසාද ලකුණු 760 ක් පමණයි.

(වනිඳු හසරංග කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් මීලඟ තරඟ දෙක ද, ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර, එලෙසින් තමන් නියෝජනය කරන කණ්ඩායම තරඟ ක්‍රීඩා කරන විට තමන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වන විට ප්‍රසාද ලකුණු අඩුවන බැවින්, ඉදිරියේදී වනිඳු හසරංග ශ්‍රේණිගත කිරීමෙහි තවත් පහළට යාම සිදුවිය හැක)

 

මේ අතර, ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වන විස්සයි විස්ස තරඟාවලියේ දී මෙතෙක් පැවතී තරඟ තුනේදී කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර ඔහු නවතම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන  ස්ථාන 4කින් ඉදිරියට පැමිණ අංක දෙක ස්ථානයට පත්වීමට හැකිවී තිබෙනවා. ඔහු මේ වන විට ප්‍රසාද ලකුණු 783ක් ලබාගෙන තිබෙනවා.

මීට පෙර තුන්වන ස්ථානයේ Adil Rashid, හතරවන ස්ථානයේ Adam Zampa හා පස්වන ස්ථානයේ රශීඩ් කාන් සිටී නමුත්, නවතම ශ්‍රේණිගත කිරීමෙන් පසු ඔවුන් තිදෙනාම එක් ස්ථානය බැඟින් පහළට ගොස් පිලිවෙළින් අංක 4,5,6 යන ස්ථානයට පහුබැස තිබෙනවා.

 

ඒ අනුව නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම,

1) Tabraiz Shamsi – ප්‍රසාද ලකුණු – 784

2) Josh Hazlewood – ප්‍රසාද ලකුණු – 783

3) වනිඳු හසරංග – ප්‍රසාද ලකුණු – 760

4) Adil Rashid – ප්‍රසාද ලකුණු – 746

5) Adam Zampa – ප්‍රසාද ලකුණු – 728

ඕස්ට්‍රේලියවේදී මේ වන විට දස්කම් දක්වමින් සිටින පැතුම් නිස්සංක ස්ථාන 42කින් ඉදිරියට පැමිණ 21 වන ස්ථානයට පැමිණ තිබෙනවා. දෙවන විස්සයි විස්ස තරඟයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 73ක් ලබාගත් පැතුම් නිස්සංක තරඟාවලියට පෙර ශ්‍රේණිගත කිරීමෙහි රැඳී සිටියේ 63 වන ස්ථානයේ වේ.

 

 

ඊට අමතරව, ඕස්ට්‍රේලියාව පැවැත්වන තරඟාවලියේදී තරඟ තුනේදී කඩුලු 4ක් බිඳ දැමීමට හැකිවූ මහීශ් තීක්ශණද විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට පැමිණීමට සමත්වී ඇති අතර, ඔහු ස්ථාන 16කින් ඉදිරියට පැමිණෙමින් 29 වන ස්ථානයේ රැඳී සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *