විස්සයි විස්ස පිටියේ අංක එකේ පන්දු යවන්නාගේ ස්ථානය වනිඳු හසරංගට අහිමි වෙයි.
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ සිටි වනිඳු හසරංගට නවතම ශ්‍රේණිගත කිරීම අනුව එම ස්ථානය අහිමි වී තිබෙනවා.
මේ වන විට පැවැත්වන ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියේදී පලමු තරඟ දෙකේදී කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වූ වනිඳු හසරංග, කොවිඩ් 19 වෛරස ආසාදනය වීම හේතුවෙන් තුන්වන විස්සයි විස්ස තරඟය ක්‍රීඩාකිරීමට නොහැකි වුණා.
ඒ අනුව අද දින (16) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ සිටි වනිඳු හසරංග අංක තුන ස්ථානය දක්වා පහළ බැස තිබෙන අතර, අංක දෙක ස්ථානයේ සිටි Tabraiz Shamsi අංක 1 ස්ථානයට පත්වී තිබෙනවා.
Tabraiz Shamsi මේ වන විට ප්‍රසාද ලකුණු 784ක් ලබාගෙන ඇති අතර, වනිඳු හසරංගට හිමිවී ඇත්තේ ප්‍රසාද ලකුණු 760 ක් පමණයි.
(වනිඳු හසරංග කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් මීලඟ තරඟ දෙක ද, ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර, එලෙසින් තරඟ ක්‍රීඩා කිරීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු අඩුවන අතර, ඉදිරියේදී ශ්‍රේණිගත කිරීමෙහි තවත් පහළට යාම සිදුවිය හැක)
මේ අතර, ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වන විස්සයි විස්ස තරඟාවලියේ දී මෙතෙක් පැවතී තරඟ තුනේදී කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර ඔහු නවතම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන ස්ථාන 4කින් ඉදිරියට පැමිණ අංක දෙක ස්ථානයට පත්වීමට හැකිවී තිබෙනවා. ඔහු මේ වන විට ප්‍රසාද ලකුණු 783ක් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම,
1) Tabraiz Shamsi – ප්‍රසාද ලකුණු – 784
2) Josh Hazlewood – ප්‍රසාද ලකුණු – 783
3) වනිඳු හසරංග – ප්‍රසාද ලකුණු – 760
4) Adil Rashid – ප්‍රසාද ලකුණු – 746
5) Adam Zampa – ප්‍රසාද ලකුණු – 728