විස්සයි විස්ස පුහුණු තරඟයෙන් කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායමට විශිෂ්ඨ ජයක්.
ශ්‍රී ලංකා – එංගලන්තය සංචාරයට පෙර ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දෙකට බෙදී ක්‍රීඩා කරන ලද විස්සයි විස්ස පුහුණු තරඟයෙන් කුසල් ජනිත්ගේ කණ්ඩායමට කඩුලු 07ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනාගෙන පලමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසී කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 219ක් රැස් කිරීමට සමත් විය. එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ දනුශ්ක ගුණතිලක පන්දු 52කදී ලකුණු 98ක් ලබා ගැනීමට සමත් විය. ඊට අමතර කුසල් මෙන්ඩිස් පන්දු 31කදී ලකුණු 42ක් ද, දසුන් ශානක පන්දු 20කදී ලකුණු 30ක් ද රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 16කදි වේගවත් ලකුණු 32ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර, චාමික කරුණාරත්න හා ඉසුරු උදාන අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.
දුශ්මන්ත චමීර 1/18
චාමික කරුණාරත්න 1/36
ඉසුරු උදාන 1/48
ඉන් අනතුරුව ලකුණු 219ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායම සාර්ථකව එම ලකුණු සීමාව පසු කරමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ කඩුලු 7ක් ඇතැතිවය.
කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායම පන්දුවාර 19.3කදි කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 220ක් ලබා ගැනීමට සමත් වූ අතර ඉනිමේ වැඩිය ලකුණු ලාභියා වූ නායක කුසල් ජනිත් පන්දු 50කදී වේගවත් ලකුණු 95ක් ලබා ගැනීමට සමත් විය. ඊට අමතරව ඕෂධ ප්‍රනාන්දු පන්දු 34කදී නොදැවී ලකුණු 50*ක් හා දනන්ජය ද සිල්වා පන්දු 22කදී නොදැවී ලකුණු 32ක් ලබාගැනිමට සමත් විය.
පන්දු යැවීමේදි බිනුර ප්‍රනාන්දු විසින් කඩුලු 2ක් හා අකිල ධනංජය විසින් එක් කඩුල්ල බැඟින් දවා ගනු ලැබීය.
බිනුර ප්‍රනාන්දු 2/34
අකිල ධනංජය 1/40
