විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලයේ විකාශන අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබාගනී.

7 වන වරටත් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාලිය ඔක්තෝබර් 17 වන දින එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත වන අතර මෙම තරඟාවලිය මූලික වටය හා සුපිරි 12 දෙනාගේ වටය ලෙස වට දෙකකින් සමන්විත වේ.

 

 

මෙම තරඟාවලියේ විකාශන අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබාගෙන ඇති අතර එම නාළිකාව වන්නේ “සියත ටීවී” (SIYATHA TV) නම් නාළිකාවයි. ඩයලොග් / පියෝ ටීවී පාරිභෝගිකයින් හට තරඟ නැරඹිය හැකි ආකාරය හා තරඟ කාල සටහන, ශ්‍රී ලංකා සංචිතය පහළින් සඳහන් කර ඇත)

 

 

ඕමානය සමඟ පැවතී විස්සයි විස්ස තරඟ දෙක විකාශන වූ “Supreme TV” හා මීට පෙර ක්‍රිකට් තරඟ විකාශනය වූ Channel Eye නාළිකා ඔස්සේ මෙවර ලෝක කුසලානය විකාශනය නොවන අතර, Dialog / PEO TV නොමැති ඔබට මෙවර තරඟාවලිය නැරඹීමට අවස්ථාව හිමි වන්නේ “සියත TV” ඔස්සේ පමණි.

 

 

මීට අමතරව ඩයලොග් TV හා Peo Tv පාරිභෝගිකයින් හට Star Sports 1 / Star Sports 2 / Star Sports 3 / Star Sports HD හා DD Sports යන නාළිකා ඔස්සේ සම්පූර්ණ ලෝක කුසලානයේ තරඟ නැරඹීමට අවස්ථාව හිමි වේ.

 

 

යූටියුබ් හා ෆේස්බුක් ඔස්සේ තවමත් නිළ වශයෙන් සජීවීව තරඟ විකාශන වන බව දැනුම් දී නොමැති නමුත්, Dialog ViU හා PEO Tv Go යන App දෙක ඔස්සේ ද තරඟ නැරඹීමට හැකියාවක් ඇත.

 

 

ශ්‍රී ලංකාව සහභාගි වන පලමු තරඟය ඔක්තෝබර් 18 වන දින පැවැත්වෙන අතර මූලික වටයේ ශ්‍රී ලංකාව තරඟ තුනකට සසභාගී වීමට නියමිතයි. ඉන් පසුව සුපිරි 12 වටයට තේරීපත් වීමටනම් මූලික වටයේ එම තරඟ තුනෙන් දෙකක් අනිවාර්යයෙන්ම ජයගත යුතුයි.

 

 

මූලික වටයේ ශ්‍රී ලංකාව තරඟ වදින කාල සටහන –

ඔක්තෝබර් 18 – ශ්‍රී ලංකාව – නැම්බියාව – 7.30 pm

 

ඔක්තෝබර්  20 – ශ්‍රී ලංකාව – අයර්ලන්තය – 7.30 pm

 

ඔක්තෝබර් 22 – ශ්‍රී ලංකාව – නෙදර්ලන්තය – 7.30 pm

 

 

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය මෙතනින් බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *