විස්සයි විස්ස ලෝක කුසලානයේ අයර්ලන්තය හා නෙදර්ලන්තය අතර තරඟයේ ජය අයර්ලන්තයට.
2021 ලෝක කුසලානයේ තුන්වන තරඟය ලෙස අද පැවතී නෙදර්ලන්තය හා අයර්ලන්තය අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ පහළින් නරඹන්න)
කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 106ක් පමණයි. නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භ පිතිකරු Max O’ Dowd පන්දු 47කදී ලකුණු 51ක් ලබාගත් අතර නායක පීටර් සීලර් පන්දු 29කදී ලකුණු 21ක් ලබාගැනීමට සමත් විය. අන් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාවටවත් පැමිණීමට අයර්ලන්තය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Curtis Campher පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. (එම වීඩියෝව පහළින් නැරඹිය හැක) මීට පෙර විස්සයි විස්ස තරඟවලදී පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට ක්‍රීඩකයින් දෙදෙනෙක් සමත් වූ වී තිඹුණු අතර එම ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ රශීඩ් ඛාන් කා ලසිත් මාලිංග වේ.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 15.1 කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 107ක් ලබා ගනිමින් තරඟය පහසුවෙන්ම ජය ගැනීමට සමත් විය. අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Gareth Delany පන්දු 29කදී ලකුණු 44ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු Paul Stirling නොදැවී ලකුණු 30ක් ද ලබාගැනීමට සමත් විය.
ඒ අනුව අයර්ලන්තය කණ්ඩායම තරඟය කඩුලු 7කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත් කර්ටිස් කැම්පර් වේ.
කර්ටිස් කැම්පර් විසින් ලබාගත් එම කඩුලු 4 වීඩියෝව.