විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕමානය හා බංගලාදේශය අතර තරඟයේ ජය බංගලාදේශයට.

2021 ලෝක කුසලානයේ හයවන තරඟය ලෙස අද පැවතී ඕමානය හා බංගලාදේශය අතර තරඟයෙන් ලකුණු 26ක ජයක් ලබා ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ පහළින් නරඹන්න)

 

 

කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 153ක් ලබාගැනීමට සමත් විය. බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භ පිතිකරු Mohammed Naim පන්දු 50කදී ලකුණු 64ක් ලබාගත් අතර තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පන්දු 29කදී ලකුණු 42ක් ලබාගැනීමට සමත් විය. අන් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවටවත් පැමිණීමට ඕමාන් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Bilal Khan පන්දුවාර 4 අවසානයේදී ලකුණු 18කට කඩුලු තුනක් ලබාගත් අතර, Fayyaz Butt ලකුණු 30ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. (බංගලාදේශ කණ්ඩායමේ කඩුලු බිඳ වැටුන් අයුරු වීඩීයෝව පහළින් නරඹන්න)

 

 

ඉන්අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 127ක් පමණයි. ඕමානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Jatindra Singh පන්දු 33කදී ලකුණු 40ක් ලබාගත් අතර අනිත් ක්‍රීඩකයින් හට සාර්ථක වීමට නොහැකි වීම හේතුවෙන් ඕමානයට තරඟය පරාජයට පත් වීමට සිදුවිය.

 

 

බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mustafizur Rahman සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වී අතර, ශකිබ් අල් හසන් කඩුලු තුනක්ද දවා ගැනීමට සමත් විය.

 

 

ඒ අනුව බංගලාදේශ කණ්ඩායම තරඟය ලකුණු 26කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පිත්තෙන් ලකුණු 42ක් හා පන්දුවෙන් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූ ශකිබ් අල් හසන් වේ.

 

 

කලීමුල්ලාහ් බංගලාදේශ පිතිකරුට දාපු කින්ඩිය හා බංගලාදේශ පිතිකරුවන් දැවී ගිය ආකාරය බලන්න මෙතන ක්ලික් කරන්න. (VIDEO) (කලීමුල්ලාහ්ගේ කින්ඩිය 2min 40 sec සිට බලන්න)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *