විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් විස්සයි විස්ස ලීග් තරඟාවලියක් සංවිධානය කරයි.

එළැඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


මෙම තරගාවලිය, ජාතික සහ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ සියළුම තරග කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ. නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් එම කණ්ඩායම් 4 නම් කර තිබේ.

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙකට අතරට පැමිණෙන කණ්ඩායම් අගෝස්තු 24 වැනි දින පැවැත්වෙන අවසන් මහ තරගයට සුසුදුකම් ලබනු ඇත.

තරගාවලියේ සියළුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙන අතර සෑම දිනෙකම තරග 2 බැගින් පැවැත්වෙනු ඇත. පළමු තරගය ප.ව. 2.30 ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වේ.


ශ්‍රී ලංකාවේ ඉදිරි තරඟ කාල සටහනට අනුව වැදගත් තරඟාවලි කිහිපයක්ම පැවැත්වීමට නියමිත බැවින්, ඊට අදාල තරඟ පුහුණුව ලබා දීමට හා,  ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්තය සංචාරයේදී හා ශ්‍රී ලංකාවේ පැවතී ඉන්දීයාව සමඟ තරඟාවලියේදී තරඟ වැඳීමට අවස්ථාවක් නොලැබුණු ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දීම අරමුණු කොට ගෙන මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය විසින් සංවිධානය කිරීමට තීරණය කළ ඇති බව ප්‍රධාන විධායක නිළධාරි ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටී.


තරඟාවලිය නියෝජනය කරන ලබන එක් කණ්ඩායමකට සංචිතයකට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *